top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල එක්සත්බවේ අගය වටහා ගැනීම සැබෑ විජය කුමාරතුංග ගුණානුස්මරණයයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 20, 2022
  • 2 min read

ree

විජය කුමාරතුංග නම් අසහාය කලාකරුවාගේ හා විශිෂ්ට දේශපාලඥයාගේ සැබෑ ගුණානුස්මරණය වන්නේ රට වෙනුවෙන් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්සත්ව කටයුතු කළ යුතු බව වටහා ගැනීම බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ කුරුණෑගල නගර ශාලාවේ (19) පැවති විජය කුමාරතුංග මහතාගේ 34 වන ගුණානුස්මරණ උළෙලට සහභාගි වෙමිනි. ගුණානුස්මරණ උළෙලේ ප්‍රධාන දේශනය කරන ලද්දේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “විජය කුමාරතුංග කලාකරුවානන් පිළිබඳ මතකයන් දෙකක් අවදි කරන්න මම කැමතියි. එකක් තමයි මා උසස් පෙළ ශිෂ්‍යයෙක්ව සිටියදී ආනන්ද විද්‍යාලයේ බඹරු ඇවිත් චිත්‍රපටය පිළිබඳ විචාර සමුළුවක් පැවැත්වූ අවස්ථාව. එය දුරස්ථ අවස්ථාවක් වුවත් විජය කුමාරතුංග කියන ප්‍රතිභාසම්පන්න කලාකරුවා පිළිබඳ අප තුළ පැවති ආදරය මට මතකයි. දෙවැනි අවස්ථාව තමයි විජය කුමාරතුංග මැතිතුමාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ දවස. එවිට මා නීති ශිෂ්‍යයෙක්. තරුණයින් ලෙස අප තුළ මරණයට පැවති සංස්කෘතිකමය බය නැතිවුණු දවසක් ඒ දවස. ඒ තරම් දුරට මිනිසුන් ඔහුට ආදරය කලා. මිනිසුන් විජය කුමාරතුංගයන් වෙනුවෙන් දිවි නසා ගන්නා තරම් ආදරයක් තිබුණා. මේ මරණය සිදුවන්නේ 1988 පෙබරවාරි මාසයේ. අපගේ ජීවිත කාලවල අසූව දශකය තරම් අභියෝගාත්මක, දේශපාලන ත්‍රාසය මතු වූ කාලයක් අපට හමු වී නැහැ. විජය කුමාරතුංග දර්ශනය, දැක්ම මේ අසීරු දශකය තුළ අපට කියවාගන්න පුළුවන්. 34 වන ගුණානුස්මරණයේදි අප හැරී බලන්න අවශ්‍යයි විජය කුමාරතුංග මැතිතුමාගේ දර්ශනය අපට පැළකරගන්න කුමක්ද කළ යුතු කියා. අප එම චින්තනය නැවත කියවා ගත යුතුයි. මම එම චින්තනය තුළ හඳුනාගත් ප්‍රධාන කරුණු දෙකක් ඔබට සඳහන් කරන්න කැමතියි. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවේ වාමාංශය හා මැද එක්සත් කරන්න විජය කුමාරතුංගයන් දැක්වූ උත්සාහය හා එතුමාට ඒ තුළ තිබුණු උවමනාව. දෙවැන්න ජාතික සමගිය වෙනුවෙන්, සංහිඳියාව වෙනුවෙන් චකිතයකින් තොරව එතුමා ගනු ලැබූ තීන්දු. මේ විජය කුමාරතුංග චින්තනයේ පදනම් කණු දෙක අපි අද දවසේ නැවත කරළියට ගෙන ආ යුතුයි. අපි එය මහජන වේදිකාවට ගෙනැවිත් ඒ සමාජ සාකච්ඡාව පෝෂණය කරමු. මන්ද එම චින්තනය අදටත් අවශ්‍ය නිසා. එම අභියෝගාත්මක අවදියේ උතුරේත් දකුණේත් ආයුධ ගත් තරුණයින් අතරින් නැගී සිටි නිරායුධ, අහිංසක කලාකරුවා වූයේ විජය කුමාරතුංගයන්. ඒ ගමනෙන් ඔහු අපේක්ෂා කළේ වාමාංශිකයන්ගේ, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ එකමුතුකම. මෙය තෝරාගත් හැම අවස්ථාවකදීම අප රටක් ලෙස ඉදිරියට ගියා. මෙය තේරුම් ගත් නායකයින් දෙදෙනෙකු සිටිනවා. විජය කුමාරතුංග හැරුණු විට මෙය තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. 2005 ජනාධිපතිවරණයේ එතුමා මේ සියලු බලවේග එක් තැනකට ගෙනාවා. එදත් අප ලැබුවේ අසීරු ජයග්‍රහණයක්. මේ රට නිදහස් කළ මහින්ද රාජපක්ෂ යුගය නිර්මාණය වුනේ එහෙමයි. මේ එක්සත් බවේ අගය තේරුම් ගත් මුල් නායකයෙක් වුනේ විජය කුමාරතුංග මහතා. අපි අපේ දේශපාලන කතිකාවේදී මේ පිලිබඳ සාකච්ඡා කළ යුතුයි. එය තේරුම් ගැනීම තමයි සැබෑ විජය අනුස්මරණය බවට පත්වන්නේ.” සැමරුම් උළෙලේ ආරාධිත දේශනය කළ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විජය කුමාරතුංගයන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව නොලැබුණත් එතුමාගේ දේශපාලන ගමන අදටත් දේශපාලන කතිකාව තුළ ඉතාම ගෞරවයෙන්, ආඩම්බරයෙන් සිහිපත් කරන බවයි. ඔහුගේ දේශපාලන ජීවිතය තුළ අවිහිංසාවාදයෙන් ගොඩනැගුණු ශක්තිමත් දේශපාලන දර්ශනයක් පැවති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විජය කුමාරතුංගයන් ගොඩ නැංවූ ශ්‍රී ලංකා මහජන පක්ෂය වත්මන් ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් සමග ඉතා අසීරු දේශපාලන අවස්ථාවන්හිදී මෙන්ම අදටත් එක්සත්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇතුලු තවත් දේශපාලන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ. අමර සිසිල් සම්පත් මහතා රචනා කළ “විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා” නම් කෘතිය එළිදැක්වීම මෙම අවස්ථවේදී සිදු කෙරිණි. විජය කුමාරතුංගයන් සිහිපත් කරමින් සංස්කෘතිකාංග රැසක්ද ඉදිරිපත් කරන ලදී. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් ඇතුලු දේශපාලනඥයින් සහ විද්වතුන් විශාල පිරිසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page