top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය දෙවැනි වෙළුම අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 13, 2022
  • 1 min read

ree

“පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් (11) දින පාර්ලිමේන්තුවේ පිහිටි අගමැති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, තිරසර සංවර්ධනය, මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන, පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය, මහජන සබඳතාව හා ශ්‍රී ලාංකේය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කරන විද්වතුන් රැසකගේ ලිපි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතය. පසුගිය 08 වැනිදා එළි දක්වන ලද “පාර්ලිමේන්තු සාර සංහිතා” ශාස්ත්‍රීය සංග්‍රහය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස පුස්තකාල සහ අවශ්‍ය පාර්ශව වෙත ලබා දීම දැනටමත් ආරම්භ වී ඇති අතර මේ වනවිට එහි තෙවන වෙළුම සඳහා ද ලිපි කැඳවීම ආරම්භ වී තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා/අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එච්.ඊ ජනකාන්ත සිල්වා මහත්වරු එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page