top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාර්ලිමේන්තු සාර සංහිතා විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුම සඳහා ලිපි කැඳවීම ආරම්භ කෙරේ..

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 14, 2022
  • 2 min read

ree

පාර්ලිමේන්තු සාර සංහිතා විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුම සඳහා ලිපි කැඳවීම දැන් ආරම්භ කොට තිබේ.

මෙහි දෙවැනි වෙළුම එළි දැක්වීම ගරු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ( 08 ) දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණි.මෙම උත්සවයේදී “පාර්ලිමේන්තු සාර සංහිතා” විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවන වෙළුම සඳහාද ශාස්ත්‍රීය ලිපි කැඳවීම නිල වශයෙන් ආරම්භ කරන බව ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩ බලන) එච්.ඊ. ජනකාන්ත සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලදි. මේ අනුව පසුගිය 08 වන දින සිට තෙවන වෙළුම සඳහාද ශාස්ත්‍රීය ලිපි කැඳවීම සිදු වේ. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ වර්තමාන මෙන්ම අනාගත සමාජයටද අවශ්‍ය දැනුම සමාජගත කිරීම “පාර්ලිමේන්තු සාර සංහිතා ” විමර්ශිත ශාස්ත්‍රීය ග්‍රන්ථය සැකසීමේ අරමුණයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස මෙම විමර්ශිත ශාස්ත්‍රීය ග්‍රන්ථය සකස් කරන අතර මේ වන විට එහි වෙළුම් දෙකක් නිකුත් වී තිබේ. මේ අනුව කාලීන තේමාවන් පිළිබඳ අවධානය යොමුකරමින් පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහයේ තෙවැනි වෙළුම සඳහා ලිපි කැඳවීම දැන් සිදු කරයි. ශාස්ත්‍රීය ග්‍රන්ථ සඳහා ලිපි සැපයීමට උනන්දුවක් දක්වන සියලු දෙනාට මෙම ග්‍රන්ථයට ලිපි ලබාදීමට හැකිය. එහිදී පහත තේමාවන් යටතේ පෙන්වාදී ඇති ආකෘතිය සහ මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඕනෑම අයෙක්ට ශාස්ත්‍රීය ලිපි ලබාදීමට හැකිය. “ගෝලීයකරණ හා ප්‍රතිගෝලීයකරණ (Antiglobalization) ප්‍රවණතා හමුවේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය” යන ප්‍රධාන තේමාව මත පිහිටමින් පහත සඳහන් අනුතේමා යටතේ ලිපි සම්පාදනය කළ හැකිය. 1. සමාජ මාධ්‍ය, ප්‍රජා සහභාගීත්වය හා පාර්ලිමේන්තුව පිළිබඳ ප්‍රජා සංජානනය 2. ගෝලීයකරණය හා අන්තර්ජාතික සම්බන්ධතා 3. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය හා ප්‍රජාතන්ත්‍රවාදය 4. තොරතුරු සමාජය, සන්නිවේදනය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය 5. නව සාමාන්‍යකරණ තත්ත්ව යටතේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය 6. දේශපාලනයේ ස්ත්‍රීහු හා තරුණයෝ 7. දේශපාලන සංස්කෘතිය, සමාජානුයෝජනය, ප්‍රජාතන්ත්‍රවාදය හා අධ්‍යාපනය 8. පාර්ලිමේන්තු සන්නිවේදනය හා ජාතික භාෂා ප්‍රතිපත්තිය 9. ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය හා මාධ්‍ය බලපෑම 10. අතථ්‍ය මහජන අවකාශය හා ප්‍රජාතන්ත්‍රවාදය යළි සලකා බැලීම 11. ආබාධ සහිත තැනැත්තන්ගේ යහ පැවැත්ම ශාස්ත්‍රීය ලිපි සකස් විය යුතු ආකෘතිය සංක්ෂේපය : වචන 250 - 300 අතර විය යුතු ය මුඛ්‍ය පද : අවම මුඛ්‍ය පද 3කට හා උපරිම 5කට සීමා විය යුතු ය 1. හැඳින්වීම 2. පර්යේෂණ ක්‍රමවේදය 3. සාකච්ඡාව 4. සමාලෝචනය 5. විමර්ශිත ග්‍රන්ථ මාර්ගෝපදේශ 1. වචන 3500 - 5000 අතර විය යුතු ය. 2. සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ලිපි සම්පාදනය කළ හැකි ය. 3. සිංහල ලිපි සඳහා FM Abhaya ඉංග්‍රීසි ලිපි සඳහා Times New Roman, දෙමළ ලිපි සඳහා Bamini අක්ෂර රූපාකාර භාවිත කළ යුතු ය. 4. අකුරු ප්‍රමාණය - සිංහල හා දෙමළ පොයින්ට් 12 - ඉංග්‍රීසි පොයින්ට් 11 5. පේළි අතර 1.5 පරතරය යෙදිය යුතු ය. 6. පිටුවේ පහත කෙළවරේ පිටු අංක යෙදිය යුතු ය. 7. මූලාශ්‍රය සටහන් හා විමර්ශිත ග්‍රන්ථ නාමාවලිය APA ක්‍රමයට දැක්විය යුතු ය. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු 0778886676 සහ 0112 777328 යන දූරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය නිලධාරී ආසිරි හපුගොඩ මහතා ඇමතීමෙන් ලබාගත හැකිය. එසේම ඔබ විසින් සකස් කරන ලද ලිපි 2022. 04. 24 වන දිනට පෙර journal.slparliament@gmail.com යන ඊමේල් ලිපිනයට ලැබීමට සැලැස්විය යුතු වේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page