top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීමට එක්වන්න - අගමැති, විපක්ෂ නායක ඇතුළු

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 18, 2023
  • 4 min read

ree

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ අද (18 දින ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය.

ඔහු පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළේ, විපක්ෂ නායකවරයා එම සාකච්ඡාවට එක් නොවන බවට සහ ඒ සම්බන්ධයෙන් වන කරුණු ගැන ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාව සද්භාවයෙන් ඉදිරිපත් කරන්නේ ජන වරම අනුව බවත්, මේ ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවත් කි අගමැතිවරයා, පළාත් පාලන ඡන්දයද තවම අවලංගු කර නැතැයි කියා සිටියේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී. පළාත් පාලන ඡන්දය අවලංගු කරන්නැයි මන්ත්‍රීවරුන් ඉල්ලූ බව පැවසූ ඔහු, සඳහන් කළේ, හෘදය සාක්ෂිය අනුව සද්භාවය යන වචනය භාවිතයේ අර්ථය භාවිත කළ යුතු බවයි. රට බංකොලොත් වී ඇති අවස්ථාවක පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කළ බවද, එහෙත් ඒ සඳහා රජයේ මුදල් නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සද්භාවයෙන් කියාසිටී බවත්, ඔහු සඳහන් කළේය.

මිට පෙර පාර්ලිමේන්තු තුනක, ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කාරක සභා තුනක වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. ඒ අනුව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කර පළමු මැතිවරණය පැවැත්වූ බවත්, පළාත් සභා මැතිවරණ පනත වෙනස් කිරීමට උත්සහ කළ අවස්ථාවේ එය ඇණහිටී බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ නිසා 2023.10.18 දින පස්වරුවේ පක්ෂ නායක රැස්වීමට එක්වන ලෙස එක්වන ලෙසත්, සැක මතුකර දේශපාලන හෝ මෙවැනි වෙනස්කම් කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කිය. "ගරු කතානායකතුමනි, මම ගරු විරුද්ධ පක්ෂයේ නායකතුමා හදිස්සියෙන් නගමු ප්‍රශ්නයට පිළිතුරු දීම මගේ යුතුමකමක්. මොකද, එහෙම නැත්තන් රට මේ මතය ගැන වැරදි අවබෝධයක් ලබා ගනියි. අපි ජනවරම ලැබුවේ පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කොට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කරන බවටයි. ඒ බව, මේ පාර්ලිමේන්තුවට කීප වරක් අපේ රාජ්‍ය නායකයන් ප්‍රකාශ කර සිටියා. අපි අයවැය ලේඛනවලට අනුමැතිය ගන්නකොටත් මැතිවරණ කොමිසම හා කටයුතු ගැන එය සභාවේ දෙපාර්ශවයෙන්ම කරන ලද ඉල්ලීමක් බව සටහන් වී තිබෙනවා. පළවෙනි කාරණය ඒකයි.

එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක්, මිශ්‍ර ඡන්ද ක්‍රමයට ඇති කිරීමට සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ගරු ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා එය ඉදිරිපත් කළා. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය, සියලු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ එක්ක සාකච්ඡා කොට අදහස් ලබාගෙන යළිත් වාර්තා කරන්නට කියලා තීරණයකට එළඹුණා.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේත් විශේෂ කාරක සභා තුනක්, පාර්ලිමේන්තු තුනක පවත්වලා මේ සභාවට වාර්තා ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබෙනවා. එයින් එකක් පළාත් පාලන සඳහා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට අනුමැතිය දීලා ඒ නීති සම්පාදනය කරලා එක මැතිවරණය පැවැත්වූවා. ඒ වගේම, පළාත් සභාව සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට පැමිණි වෙලාවේ, ඒ පනත විශාල සංශෝධන ප්‍රමාණයකට පාර්ලිමේන්තුව ඇතුළේ භාජනය කිරීමෙන් ඇණ හිටියා. එය යළිත් ඇතිකරන ලෙස මේ කාරක සභා වාර්තාවේත් තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගැන අපි ලැබූ ජනවරමත්, ඒ වගේම පක්ෂ එක්ක ක්‍රියාත්මක කළ හැකිද බැරිද කාරණාව සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදීව එලෙස ඒ අදහස් විමසලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන ලෙසට කරන ලද ඉල්ලීම් පරිදි, මේ සාකච්ඡාව අද දින තුනට පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් සියලු දෙනාට ආරාධනා කර තිබෙනවා. ඉතින් ඒ සාකච්ඡාවට ස.ජ.බ. එන්නෙ නෑ කියලා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මම ආරාධනය කරනවා විපක්ෂ නායකතුමාට මේවා ගැන සැක හිතලා දේශපාලන හා මේ වෙනස්කම් කරන්න බෑ. මොකද කලින් ද මේ පාර්ලිමේන්තුවට ගෙනාපු 20 හා 21 සංශෝධනවලද මේ වෙනස්කම් පිළිබඳ සාකච්ඡාව වුණා. ඒවා දෙවරක් ඉදිරිපත් කරනු ලැබුවේ ඔබතුමන්ලා. ඒවා සාකච්ඡාව වුණා මේ ඡන්ද ක්‍රම හා මැතිවරණ කොමිසම් ආදියේ බලතල හා සම්බන්ධ කටයුතු කරන ආකාරය.

ඒ නිසා කිසිදු වෙන අදහසකින් නොව අපි සද්භාවයෙන් මේක ඉදිරිපත් කළේ. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක ඇමතිතුමා පැහැදිලි කරයි, ආණ්ඩුක්‍රමයේ යම් යම් වගන්ති සංශෝධනය කරන ආකාරය. මම එකට කාලය ගන්නේ නෑ. ඔබතුමාටත් විරුද්ධ විපක්ෂයේ අසුන්ගෙන සිටින සියලු දේශපාලන පක්ෂවලට අද දින 3 ට මේ සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙස යළිත් මම වගකීමෙන් යුතුව, රට බලාගෙන ඉන්නවා මේ ඡන්ද ක්‍රමය වෙනසකට භාජනය කරයි කියලා. මොකද විවිධ ගැටලු මන්ත්‍රීවරු, රටවැසියා සමහර ප්‍රදේශවලට මන්ත්‍රීවරයෙක් නොමැති වීම නිසා ඇතිවන තත්වයන් ගැන තමන්ගේ අදහස් පළකර තිබෙන නිසා. මා මෙයට වඩා කාල වේලාව දන්නේ නෑ මං හිතනවා විරුද්ධ නායක පක්ෂ නායකතුමාට දෙන මෙම පිළිතුර පිළිගෙන අද දින සාකච්ඡාවට සහභාගී කියලා. බොහෝ පක්ෂ සහභාගී වෙන්න එකඟ වෙලා තිබෙන නිසා." ඉන්පසු විපක්ෂ නායකවරයා අදහස් පළ කළ අතර අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්විය.

"මේ පාර්ලිමේන්තුවේ යම් යම් වචන පාවිච්චි කිරීම ගැන සහ විවිධ ආකාරයෙන් අපහාස කිරීම ගැන බොහොම කණගාටුදායක තත්වයක් මතුවෙලා තිබෙනවා. මට මොන ආකාරයෙන් විවේචනය කළත් කමක් නෑ, මොන වචන පාවිච්චි කරලා. සද්භාවයෙන් තමයි රජයට මේ යෝජනාව ඉදිරිපත් කරලා අමාතයතුමා මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සලකා බලලා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල මතය විමසන්නට පැමිණියේ. පළාත් පාලනය ගැන, අපි මැරිලා ඉපදිලා නැහැ. රට බංකොලොත් තත්වයකට පත්වෙලා තිබුණු වෙලාවෙ තමයි පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් වුණේ. ඒ නිසා මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ අවස්ථාවේ මුදල් ඉල්ලන ප්‍රමාණයන් දෙන්නට බැරි බව ප්‍රකාශකර සිටියා. ඒ නිසා, මුදල් නැතුව ඡන්දයක් තියන්න බෑ. ඒ කියන්නේ රජය වෙන් කරන මුදල් රාජ්‍ය වියදම් හැටියට තමයි කරන්න වෙන්නේ. පුද්ගලිකව මුදල් එක එක තැන්වල එක එක අය ළඟ ඇති ඕන තරම් පසුම්බියේ ඕනතරම් කෝටි ගණන්. ඒවා ගැන අපි හොයන්න යන්නේ නෑ. නමුත් රජය යටතේ මැතිවරණයට යන වියදම් දැරීමට, දැන් මුදල් ලේකම්තුමා සද්භාවයෙන් තිබුණු භාණ්ඩාගාරයේ තත්ත්වය දැනුම් දුන්නා. ඒ අනුව යම් යම් තීරණයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ලබාගන්න උත්සාහ දැරුවා. දැනට තියෙන එක නඩුවයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ නඩුව විභාගයට ගෙන යළි දිනයක් නියම කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා, මම කියනවා ඡන්දය පැවැත්වීම සඳහා අපි කැප වී තිබෙනවා. අපි ඡන්දය අවලංගු කරල නෑ. ඡන්දය අවලංගු කරන්න කියලා මගේ පාර්ලිමේන්තු කාරක සභාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම, විවිධ පක්ෂ මන්ත්‍රීලත් ඇවිල්ල ඉල්ලීම් කළා. පාර්ලිමේන්තුවේදීත් කියා සිටියා. ඉතින් සද්භාවයේ වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම ශුද්ධභාවය රකින්න මම හිතන්නේ හෘදය සාක්ෂිය අනුව කතා කරනවා නම් හොඳයි. ඒ නිසා මම කියපු අනෙක් දේවල්වලට කතා කරන්න යන්නේ නෑ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවකට අපේ රට වැටුණු අමාරු අවස්ථාවේ ජනාධිපතිතුමා රට භාරගෙන පාර්ලිමේන්තුව එතුමාව පත්කරා. මේ ආර්ථික හා මූල්‍ය අර්බුදයේ දරුණුම කාලපරිච්ඡේදයෙන් අපි ගොඩ එන්න පුළුවන්කම හා විශ්වාසය ඇති කරලා තිබෙනවා.

ඉතින් අපට වගකීමක් තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදී සමාජය හා මේ ක්‍රමවේදය ආරක්ෂා කිරීමට කොයි පැත්තේ අපි ඉඳගෙන හිටියත් ඒක ගැඹුරින් කල්පනා කරලා ප්‍රකාශ කරන්න."

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page