top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් පත් කරයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 21, 2022
  • 1 min read

ree

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සඳහා පත්කරන ලද සාමාජිකයින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි.

මේ අනුව ගරු කථානායකවරයා සභාපතිවරයා ලෙස පත්වන අතර නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු තවත් සාමාජික මන්ත්‍රීවරුන් 21 දෙනෙකු මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස පත් වේ. මෙහිදී අද දින සාමාජික මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ගරු කථානායකවරයා විසින් නම් කළ අතර ඉදිරියේදී තවත් එක් මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ. නම්කළ මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේය. 1. ගරු චමල් රාජපක්ෂ මහතා 2. ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා 3. ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා 4. ගරු ඩග්ලස් දේවානන්දා මහතා 5. ගරු ඩලස් අලහප්පෙරුම මහතා 6. ගරු විමල් වීරවංශ මහතා 7. ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතා 8. ගරු මහින්ද අමරවීර මහතා 9. ගරු වාසුදේව නානායක්කාර මහතා 10. ගරු ප්‍රසන්න රණතුංග මහතා 11. ගරු එම්.යූ.එම්. අලි සබ්රි මහතා 12. ගරු ගයන්ත කරුණාතිලක මහතා 13. ගරු රවුෆ් හකීම් මහතා 14. ගරු අනුර දිසානායක මහතා 15. ගරු ඩිලාන් පෙරේරා මහතා 16. ගරු රිසාඩ් බදියුදීන් මහතා 17. ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා 18. ගරු මනෝ ගනේෂන් මහතා 19. ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා 20. ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page