පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි
- helloplanetaviss
- Sep 23, 2021
- 1 min read

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (22) පස්වරුවේ සිය සහතිකය සටහන් කළේය.
ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය. වෙළඳ අමාත්‍යවරයා විසින් 2021 සැප්තැම්බර් 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 අගෝස්තු 19 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ( සංශෝධන ) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි
Comments