පැය දෙකක් විදුලි භාවිතය නතර කරන්න - ඕස්ට්‍රේලියානුවන්ටත් නියෝගයක්
- helloplanetaviss
- Jun 17, 2022
- 1 min read

සවස 06යේ සිට 08 දක්වා පැය 02ක් විදුලිය භාවිත නොකිරීමට වග බලා ගන්නැයි ඔස්ට්‍රේලියනුවන්ට එරට රජයෙන් නවතම නියෝගයක් නිකුත් කර තිබෙනවා. එරට බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නිද ඇතුලත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනතාවටයි.
රට තුල පවතින බලශක්ති අර්බුධය ඊට හේතු වී තිබෙනවා. බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දන්වා ඇත්තේ හැකිතාක් විදුලි බලය ඉතිරි කර ගත හොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදු නොවනු ඇති බවයි.
ඔස්ට්‍රේලියාව යනු ලොව විශාලතම ගල් අගුරු සහ ස්වභාවික වායු අපනයනය කරන රටක්. එහෙත් ඔවුන් ඉකුත් මාසයේ සිට බලශක්ති අර්බුධයකට මුහුණ දී සිටිනවා.
ඔස්ට්‍රේලියාවේ විදුලි උප්පාදනයෙන් තුනෙන් එකක් රදා පවතින්නේ ගල් අගුරු මතයි. ගල් අගුරු සැපයුමට ඇති බාධා, ගල් අගුරු බලාගාර ඇණ හිටීම හා ලෝක වෙළඳපලේ මිළ ගණන් ඉහලයාම ඔස්ට්‍රේලියාවට දැඩිව බලපා තිබෙනවා.
Comments