top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 10, 2022
  • 2 min read

ree

බහු දින යාත්‍රාවකින් මුහුදට වැටී පැය 18කට අධික කාලයක් මුහුදේ පා වෙමින් සිටි ධීවරයෙකු නාවික හමුදාව විසින් බේරා ගනී

‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවෙන් තංගල්ල මුහුදු ප්‍රදේශයේ දී 2022 ජනවාරි 08 පස්වරුවේ මුහුදට වැටුණු ධීවර‍යෙකු, නාවික හමුදාවේ ඒ 543 යාත්‍රාව මඟින් (2022 ජනවාරි 09) උදෑසන බේරා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන විත්, ඉදිරි ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. ගාල්ල ධීවර වරායෙන් ධීවරයින් හය (06) දෙනෙක් සමඟ 2022 ජනවාරි මස 07 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ‘ලක්විදු 3’ නැමති බහු දින ධීවර යාත්‍රාවේ (ලියාපදිංචි අංක IMUL- A- 0315-TLE) සිටි ධීවරයකු 2022 ජනවාරි 08 වන දින පස්වරු 0130 ට පමණ තංගල්ල සිට නාවික සැතපුම් 08ක් (කිලෝ මීටර් 15ක්) පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මුහුදට වැටී අතුරුදහන් වී ඇති බැවින්, එම ධීවරයා සෙවීම සඳහා සහය වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සහන ඉල්ලීමක් සිදු කරන ලදී. එම ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වු නාවික හමුදාව, තංගල්ල සිට ගාල්ල දක්වා වූ මුහුදු ප්‍රදේශයේ දකුණු නාවික විධානයට අයත් නාවික හමුදා යාත්‍රා යොදවා සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලද අතර, මේ සම්බන්ධයෙන් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදු කරන අනෙකුත් ධීවර යාත්‍රාවන් සහ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරන නෞකාවන් දැනුවත් කිරීමට ද කටයුතු කෙරිණි. ඒ අනුව, අනතුරට පත් ධීවරයා (2022 ජනවාරි 09) උදෑසන 0800 ට පමණ ගාල්ල සිට නාවික සැතපුම් 07 ක් (කිලෝ මීටර් 13ක්) පමණ දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ බෝයාවක අධාරයෙන් පාවෙමින් සිටියදී, දකුණු නාවික විධානයට අයත් ඒ 543 යාත්‍රාව මඟින් නිරීක්‍ෂණය කර කඩිනමින් බේරා ගැනීමට කටයුතු කෙරිණි. පැය 18කට අධික කාලයක් ජලයේ පා වෙමින් සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ සිටි එම ධීවරයා වෙත ඒ 543 යාත්‍රාව තුලදී අවශ්‍ය මුලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව, දකුණු නාවික විධානයට අයත් පි 107 වෙරළබඩ මුර යාත්‍රාව මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. තවද, මුහුදේදී ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනමින් අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික සේවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිරන්තර අවධානයෙන් සිටියි.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page