top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පෙබරවාරී මාසයේ විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකියි-ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 1, 2022
  • 3 min read

ree

පෙබරවාරී මාසයේ විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒඅනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ යෝජනාවට තවදුරටත් අවසර නොලැබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියයි. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලිකප්පාදුවක් අවශ්‍ය වන බවයි. මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා: “ ලංකා විදුලි බල මණ්ඩලය විදුලි කප්පාදුවකට කල යෝජනාවෙන් පසුව අපි බලාගාරවල තත්වය හා ඉන්ධන සැපයුම පිළිබද අඛණ්ඩව සමාලෝචනය කලා. විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන නිසා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊට අවසර දුන්නේ නැ. යෝජිත විදුලි කප්පාදුව කලා නම් සමස්ත ආර්ථිකයට සිදුවිය හැකිව තිබු පාඩුව රුපියල් බිලියන 31ක් පමණ වනවා. විදුලි කප්පාදුව වැලැක්වු නිසා මේ රුපියල් බිලියන 31ක අපිට ඉතිරි කරගන්න හැකි වුණා. එළඹෙන පෙබරවාරි මාසය ආරම්භයේදී ද විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදිය හැකි බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම ලබන මාසයේදී උසස් පෙල විභාග ආරම්භ වීමට නියමිතයි. මේ විභාගය සාර්ථකව පැවත්වීම සදහා බාධාවකින් තොරව විදුලිය සැපයිය යුතුය. අලුත්වැඩියාවට ලක් වෙමින් තිබු නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 3න් වන ඒකකය මේ වන විට ජනන කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ් වගේම පහුගියදා නඩත්තු කටයුතු සදහා පද්ධතියෙන් ඉවත් කර තිබු සොජිට්ස් බලාගාරයේ මෙගාවොට් 130ක් නැවත ජනන කටයුතු ආරම්භ කරනවා පෙබරවාරි 2 වැනිදා. මේ නිසා විදුලි සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි බව තහවුරු වී තිබෙනවා.” මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට බොර තෙල් ලැබී පිරිපහදු කටයුතු ආරම්භ වී ඇති හෙයින් ඉන්ධන බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන තොග ඉදිරියේදී ලැබෙන බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණ කළේ ය. “පිරිපහදුවේ අතුරු ඵල වශයෙන් දැවි තෙල් හා නැෆ්තා නිෂ්පාදනය වනවා. සපුගස්කන්ද, කලම්බු බාජ්, වෙස්ට්කෝස්ට්, උතුරු ජනනී වැනි මෙගා වොට් 495 ක පමණ බලාගාර සදහා දැවි තෙල් අවශ්‍ය වනවා. දැනට ලැබී ඇති බොර තෙල් පිරිපහදු කටයුතු වලින් නිෂ්පාදනය වන දැවි තෙල් වලින් මෙගා වොට් 495ක් දින 13ක පමණ කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ් වගේ නිෂ්පාදනය වන නැෆ්තා ප්‍රමාණයෙන් මෙගා වොට් 150ක බලාගාරයක් .දින 5ක කාලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්” විදුලි සැපයුම පිළිබද අභියෝගයක් එල්ල වී ඇති මෙවැනි අවස්ථාවන්හිදි එය කළමනාකරණය කර ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාගේ සහාය අත්‍යවශ්‍ය බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි. මේ පිළිබද පැහැදිලි කළ කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.. “විදුලි පහන් සීමා කිරීම, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අරපිරිමැස්මෙන් කිරීම, වීථි ලාම්පු දැල්වෙන කාලය සීමා කිරීම වැනි පාරිභෝගික සහාය ඇතිව කල හැකි දැඩි සංරක්ෂණ ක්‍රියාමාර්ගයක් අපි යෝජනා කලා. අපේ ගණන් බැලීම් අනුව මේ පියවරයන් මගින් පමණක් අපිට දිනකට ගිගා වොට් පැය 3.7ක ප්‍රමාණයක් ඉතිරි කර හැකියි. එසේ කළ හොත් මෙගා වොට් 150ක ඉන්ධන බලාගාරයක් පැය 24 කට අක්‍රිය කළ හැකි ය. මේ අවස්ථාවේදී විදුලි සංරක්ෂණය සදහා සහාය වීම විදුලි පාරිභෝගිකයාගේ වගකීමක්. අපි ඉල්ලා සිටිනවා සියලු විදුලි පාරිභෝගිකයින්ගෙන් තමන්ට හැකි උපරිම ආකාරයෙන් විදුලි සංරක්ෂණය සදහා සහාය වන ලෙස. මෙවැනි අවස්ථාවක විදුලිය නාස්තිකාර ලෙස භාවිතකළහොත් අවසාන විසදුම විදුලි කප්පාදුවක් වෙන්න පුළුවන්.” මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත්‍ර මඟින් සපයාගැනීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. “අපිට ක්ෂණිකව විදුලිය සපයාගත එක් ක්‍රමයක් තමයි විවිධ ආයතන සතු මෙවැනි විදුලි ජනන යන්ත්‍ර. මේ වන විට මෙගා වොට් 100ක හිමිකරුවන් සමග අපි සාකච්ඡා කලා. මේ සතියේදී තවත් කණ්ඩායමක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි. ලබන මාසය අවසන් වීමට පෙර මෙගා වොට් 300ක පමණ ධාරිතාවයක් රාජ්‍ය හා පුද්ගලික ආයතන සතු විදුලි ජනක යන්ත්‍ර වලින් සපයාගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දු වලට එළඹීමට හැකි වේ යැයි අපි විශ්වාස කරනවා'' යැයි පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page