top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පෙබරවාරි 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි -සභානායක.....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 18, 2022
  • 1 min read

ree

පෙබරවාරි 22 සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට 2022.02.17 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් 2022.02.22 අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය. 2022.02.23 බදාදා, දිනය පුරා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට සංශෝධනයක්ද, ගස් හෙළීමේ (පාලන) පනත යටතේ පොල් ගස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගයක්ද, 2022.02.24 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. එමෙන්ම, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝගයක්ද එදින පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. 2022.02.25 සිකුරාදා, පසුගිය සමයේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page