top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට පියවර

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 8, 2023
  • 2 min read

ree


විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS සහ E- ticketing පහසුකමට මුල් තැන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් සහ විද්‍යුත් ටිකට්පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දුන්නේය. මේ පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන , මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මේ වනවිට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි පවතින කළමනාකාරීත්ව ගැටලු හා අකාර්යක්ෂමතා හේතුවෙන් මගී ජනතාව සහ බස් රථ හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නවීන තාක්ෂණය භාවිතා කරමින් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඇති කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සියලු පාර්ශ්වයන්ට ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා E- ticketing ක්‍රමය යෝජනා වී ඇති බවත්, මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ජාතික බස් සංගම් 7ක් ද මේ වන විට ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවත්, පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය. එසේම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් 9ට අදාළව නියෝජිතයන් 09 දෙනෙකු පත් කර ජාතික ගමනාගමන කොමිසන් සභාවට දැනුම් දෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබීය. ඉදිරියේදී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS තාක්ෂණය සහ E- ticketing සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා බලන බව ද මෙහිදී සඳහන් කෙරුණු අතර කොට්ටාව බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමට ද යෝජනා විය. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ආධිකාරිවල නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. PMD



 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page