top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පිටි,කිරිපිටි ,සිමෙන්තිවල ලෝක වෙළඳපොළෙහි මිල වැඩි වීම හේතුවෙන්.....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

පසුගිය දිනවලදී පිටි , කිරිපිටි ,සිමෙන්තිවල ලෝක වෙළඳපොළෙහි මිල වැඩි වීම හේතුවෙන් මෙම ආනයනකරුවන් දිගින් දිගටම මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීම් කළ බවත් එම සමාගම් සමග සාකච්ඡා කිරීමේදී මෙම භාණ්ඩ සඳහා යම් ලෙසකින් මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නම් මාස තුනක් ගතවන තෙක් මෙම භාණ්ඩ වෙළඳ පොළෙහි හිඟයකින් තොරව ලබා දීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටි බවත් නැවත අවම මාස තුනක් යනතෙක් මිල වැඩිකිරීමකට ඉල්ලීම් නොකරන ලෙසත් ඔවුන්ට දන්වා ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අයත් Q-Shop අලෙවිසැළෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. තවද එම ආනයනකරුවන් දෛනිව සිය නිෂ්පාදනයන් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය. ලෝක වෙළදපොළේ මිල වැඩිවීමත් සමග සිමෙන්ති සඳහා යම් ආකාරයක මිල වැඩිවීමකට යාමට සිදු වන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර හමුවක් පසුගියදා පැවති අතර ආනයනකරුවන් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමිමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.මුදල් අමාත්‍යවරයා සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රුපියල් 200කින් මිල වැඩි කිරීමට ඔවුන් එකඟතාවය පළ කර තිබේ. මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දේශීය දියර කිරි සමාගම් අදහස් පළ කළ අතර මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ වන විට රටේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් දේශීය දියරකිරි සපයන ආයතන කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් යම් පාඩුවක් සිදු වුවත් එය මිල්කෝ සමාගම දරාගනිමින් කටයුතු කළ බවත්ය. තවද මිල්කෝ සමාගමේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය වන්නේ දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම වන බව පවසන ඒ මහතා දියර කිරිවලට වැඩිමිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවන බවට වන මතයක් සමාජගතවී ඇති බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් අවධාරණය කළේය. දියර කිරී ලීටර් 2 1/2 ක් රුපියල් 500ක් වැනි මුදලකට ලබා ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page