top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාකිස්ථානයට ලකුණු 342ක ඉලක්කයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 19, 2022
  • 1 min read

ree

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය අදයි. දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 68ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසු වුණා. නොදැවී කඩුල්ලේ රැදී සිටින අබ්දුල්ලා ෂෆීක් ලකුණු 41ක් ලබා සිටි අතර ඉමාම් උල් හක් නොදැවී ලකුණු 25ක් රැස් කරගෙන සිටියා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම අද උදෑසන නිමාවට පත්වුනේ ලකුණු 337කටයි. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 04කට දැවී ගියා. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 94ක් ලබා සිටි අතර ඔහුට ශතකයක් වාර්තා කිරීමේ අවස්ථාව අහිමි වුණා.


තරඟය ජය ගැනීම සඳහා දෙවන ඉනිමේදී පාකිස්තාන කණ්ඩායම ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 342ක්. ඒ අනුව කඩුලු 10ක් අතැතිව සිටින පාකිස්තාන කණ්ඩායමට තරඟය ජය ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 274ක් පමණයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page