top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට සියල්ල සූදානම්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 2 min read

ree

 ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට අදාළ පෙරහුරු පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (13) පැවැත්විණ. ඊට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරිහු සහ ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ එක්ව සිටියහ. මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබන 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊට පෙර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමද අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය. අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇති අතර, ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වේ. ඒ වෙනුවට එතුමා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදු කෙරේ. දහඅට වැනිදා පෙ.ව 09.15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමට සිදුවීමට නියමිතයි. අනතුරුව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ පැමිණීමෙන් පසු, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම සිදු වන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය. එහිදී කථානායකතුමා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගැනීමට නියමිතයි. ඉන් පසුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර, අතිගරු ජනාධිපතිතුමාට ආශිර්වාද කරනු ලබයි. අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, සභාව කල් තැබීම සිදුවේ. ඉන් පසු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත. නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන් ,අගවිනිසුරුතුමන් , උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බවද හෙතෙම අවධාරණය කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page