top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 18, 2023
  • 2 min read

ree

මෙරටට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් හඳුන්වා දී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට එම දෙළුම් ප්‍රභේද දෙක නොරොච්චෝලෙයි ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර එම ප්‍රභේද දෙක මගින් ඉහළ අ ස්වැන්නක් මෙන්ම ගොවීන්ට හොඳ ආදායමක් උපයා ගත හැකි බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා නොරොච්චෝලේ වගා කර ඇති එම දෙළුම් ප්‍රභේද වගාව නිරීක්ෂණයට එක් වී ඇත. අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 60ක පමණ ආදායමක් මෙම දෙළුම් වගාව මගින් ගොවියෙකුට උපයා ගත හැකි අතර එක් දෙළුම් ගසක ආයු කාලය වසර 30ක් පමණ වේ. දැනට මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීම සදහා උචිත ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරේ. එමෙන්ම මෙම නව ප්‍රභේද දෙක නිර්දේශ කිරීම ඉදිරි මාසයක කාලයක් තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග නිදහස් කිරීමේ කමිටුව සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දුන්නාය. මෙම නව ප්‍රභේද දෙක සදහා මෙතෙක් නාමකරණය කර නැති අතර බෝග නිදහස් කිරීමේ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු නම් තැබීමට නියමිතය. මෙම ප්‍රභේද දෙකම ඉතාමත් ඉමිහිරි රසයකින් යුක්ත අතර පාරිභොගිකයින් ආකර්ශණය සඳහා සුදුසු වර්ණයකින් ද සමන්විතය. එමෙන්ම ඒක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි අතර අවුරුද්ද පුරාම ඵල හට ගැනීම ද සුවිශේෂිතය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගාව සඳහා නිදහස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා; "වසරකට මෙරටට දෙළුම් ආනයනය සඳහා රුපියල් මිලියන 900ක් පමණ වැය වෙනවා. අපේ රටට බොහෝ විට දෙළුම් ඉන්දියාවෙන් හා වෙනත් රටවලිවලින් ආනයනය කරනවා. නමුත් දැන් අපේ රටට නැවත දෙළුම් ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතාමත් මිහිරි රසයකින් හා හැඩකාර දෙළුම් වර්ග දෙකක් අපි ලබන වසරේ සිට මෙරට වගාවට හඳුන්වා දෙනවා. දැනට මෙම ප්‍රභේද දෙක වගා කර ඇති අතර එම පර්යේෂණ ඉතා සාර්ථකයි. දෙළුම් සඳහා අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ නිසා මෙම නොරොච්චෝලේ ප්‍රදේශය මෙම දෙළුම් වගාවට ඉතාමත් යෝග්‍ය බව පෙනෙනවා. පුද්ගලික අංශය මගිනුත් දැනට මේවා වගා කර තිබෙනවා. අපේ රටේ කෘෂි විද්‍යාඥයින් අනෙක් රටවලට නොදෙවෙනිව තම පර්යේෂණ සාර්ථකත්වය පෙන්වා දී තිබෙනවා. එමනිසාලබන වසරේ මුල් කාර්තුව තුළ මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීමට සුදුසු ප්‍රදේශ හඳුනාගෙන එම ගොවීන්ට වගා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සහභාගි විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page