top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි- ජනාධිපති බෞද්ධ උපදේශක සභාව....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 20, 2022
  • 1 min read

ree

නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙති.

බෞද්ධ උපදේශක සභාව (18) පස්වරුවේ 13වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ. නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවටලක් කෙරිණ. නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක්කෙරිණ. බෞද්ධ විහාරස්ථාන ලියාපදිංචියේ දී අදාළ නිකායේ මහානායක හිමියන්ගේ සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ නිර්දේශය මත ලියාපදිංචියට අවසර දීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය. පුරාවස්තු සහිත භූමි කේන්ද්‍රව පිහිටවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව මහා සංඝරත්නය පැවසූහ. පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සමාලෝචනය කළ අතර ඉදිරි මාස කිහිපය තුළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග මහතා සඳහන් කළේය. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මැනුම් සඳහා ඉල්ලීම් 484ක් ලැබී තිබේ. ඉන් 64ක මැනුම් කටයුතු සම්පූර්ණයෙන් නිම කර ඇති අතර ස්ථාන 22ක් සඳහා පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින බව මිනුම්පති ආරියරත්න දිසානායක මහතා පැවසීය. බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරිහු සහභාගී වූහ

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page