නඩු කටයුත්තකින් ජනාධිපතිවරයාව මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
- helloplanetaviss
- Jul 27, 2022
- 1 min read

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩු කටයුත්තෙන් මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබුණද, ඔහුට එරෙහිව පෙත්සම්කරුවන් සහනයක් අපේක්ෂා නොකරන හෙයින් ඔහු මුදාහරින ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අනතුරුවයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
Comments