top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නාවලපිටිය ජනතාවට ජන සහන ව්‍යාපෘති තුනක ප්‍රතිලාභ බෙදා දෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 11, 2022
  • 2 min read

ree

වතුකරයේ දමිළ තරුණයින් සියයකට කෝපි වගා කීරිම සදහා ඉඩම් අක්කරය බැගින් ලබා දීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් 07 දින නාවලපිටිය බෝහිල් වතුයායේදී ආරම්භ කෙරිණ.

ආදායමක් නොලබා කැලෑවැදී ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර සියයක් බෝහිල් වතුයායේ දමිළ තරුණයින් සියයකට මෙලෙස බදා දෙනු ලැබු අතර එම ඉඩම්වල වගා කීරිම සඳහා කෝපි පැල දහසක් බැගින් බෙදා දීමද අමාත්‍යවරයා අතින් සිදු විය. මෙම ඉඩම්වලට ප්‍රවේශ මාර්ග ඉදිකිරිමට හා ජල පහසුකම් ලබා දීම සදහා රුපියල් ලක්ෂ පනහක් වෙන්කර දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. කෝපි වගාවට අමතරව මෙම ඉඩම්වල කෙටි කාලින බෝගයක් ලෙස ඉඟුරු හා කහ වගා කිරිමටද ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බවත්, මෙම ව්‍යාපෘතියට සම්බන්ධ දමිළ තරුණයෙකුට මසකට රුපියල් 75,000/= පමණ ආදායමක් උපයා ගත හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වතුකරයේ ජනතාව වසර සියයකට ආසන්න කාලයක් නිවසක් ඉදි කර ගැනීමට පර්චස් හතක ඉඩම් කැබැල්ලක් ඉල්ලා උද්ඝෝෂණය කරන පසුබිමක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ වතුකරයේ දමිළ තරුණ තරුණියන් 200 කට ආදායමක් නොමැතිව අතහැර දමා තිබු ඉඩම් අක්කර 150 ක් මේ වන විට බෙදා දී ඇති බව පෙන්වා දෙන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙමඟින් වතුකරයේ දමිළ ජනතාවට තම අතමිට සරු කර ගැනීමට අවස්ථාවක් උදා වී ඇති අතර රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කීරිමට මෙම වැඩපිළිවල යටතේ විශාල දායකත්වයක් ලැබී ඇති බවද සදහන් කළේය. මේ අතර 2024 වර්ෂය වන විට මෙරටට ආනයනය කරන මිරිස් සම්පූර්ණයෙන්ම නතර කීරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අනුව දිවයින පුරා මිරිස් වගාවට යොමු වන ගොවීන්ට ආධාර ලබා දීමද මේ වන විට සිදු කෙරේ.මේ යටතේ එක් ගොවි පවුලකට ලක්ෂ හයක මූල්‍ය හා යන්ත්‍රොපකරණ ආධාර හිමිවනු ඇත. නාවලපිටිය ගම්පොලවෙල ගොවි පවුල් 300 කට එලෙස යන්ත්‍රෝපකරණ හා මූල්‍ය පහසුකම් දීමද අමාත්‍යවරයා අතින් සිදු විය. යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය වැලිගම්පොල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජනතාවට ගම්මිරිස් හා පොල් පැල බෙදා දිමද අමාත්‍යවරයා අතින් සිදු විය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page