top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නාවලපිටිය අක්කර සියයක ආදර්ශ මිරිස් වගාව සාර්ථකයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 1 min read

ree

මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සඳහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගේ නිරීක්ෂණය යටතේ සිදු විය.

මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5,000 ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50 ක් පමණය. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව හෙක්ටයාර් 3,000 ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර සියයක් වතුකරයේම දෙමළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසය. වියළි කලාපයේ සාර්ථකව වැවෙන මිරිස් සීත දේශගුණික තත්වයන් යටතේ වගා කර පලදාව ලබා ගැනීම අසීරු බවට මතවාදයක් ගොඩ නගා තිබුණි. ඒ මතයට අභියෝග කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කර ඇත. දමිළ තරුණ පිරිසද ඉතා උනන්දුවෙන් මිරිස් වගාවට යොමු වී පලමු අක්කර සියය තුළ වගාව සාර්ථක කරගැනීම හේතුවෙන් ගලබඩ වත්තතේ තවත් අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කිරිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු යොදා තිබේ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page