top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නිවෙස් තුළ ඉන්ධන රැස්කර තබාගැනීම ගැන සෞඛ්‍ය අංශවලින් හා පොලීසියෙන් යළි අනතුරු ඇගවීම්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jun 27, 2022
  • 1 min read

ree

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බොහෝ පිරිස් ඉන්ධන සිය නිවෙස් තුළ ගබඩා කර ගැනීමට පෙළඹී ඇතැයි වාර්තා වනවා. එවැනි ක්‍රියා අනතුරුවලට අත වැනීමක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

බොහෝ පිරිස් එලෙස ඉන්ධන ගබඩා කිරීමට පෙළඹී ඇතැයි අනාවරණ වුණේ පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේදිනවල වැඩිවශයෙන් රෝහල්ගතවීම හේතුවෙන් බව ද කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා සඳහන් කළා.


පවතින අවදානම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන නිවෙස් තුළ ගබඩා කර නොගන්නා ලෙස ද කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.


නිවෙස් තුළ ඉන්ධන රැස්කර තබා ගැනීම හේතුවෙන් හටගත් ගිනිගැනීම් සම්බන්ධ සිද්ධීන් කිහිපයක්ම ඉකුත් දිනවල වාර්තා වුණා. එබැවින් නිවෙස් තුළ ඉන්ධන රැස්කර තබා ගැනීමෙන් වළකින ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page