top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නිවේදනය- දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය 2022....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 16, 2022
  • 1 min read

ree

නිවේදනය- දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය 2022

දහම් දැනුමෙන් පෝෂණය වූ සාරධර්ම සපිරි දරු පරපුරක් බිහිකිරීමෙහිලා නිස්සරණාධ්‍යාසයෙන් කැප වී සිටින දහම් පාසල් ගුරුභවතුන්ගේ සුදුසුකම් ඉහළ නැංවීම, සේවය අගය කිරීම, උසස් අධ්‍යාපනයට නැඹුරු කිරීම මගින් සමාජ පිළිගැනීමක් ලබාදීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය 2022.06.18 දින පැවැත්වීමට නියමිතය. 2020 හා 2021 වර්ෂවල පැවති කොවිඩ් 19 රෝග තත්ත්වය මත විභාගය පැවැත්වීමට නොහැකිවූ අතර එම වර්ෂවල අයැදුම් කළ සියලු දහම් පාසල් ගුරු භවතුන් ද 2022 වර්ෂයට නැවත අයැදුම්පත් යොමු කළ යුතුවේ. 2022.03.15 දිනට අවම වශයෙන් මාස 06ක් අඛණ්ඩව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක ගුරු භවතෙකු ලෙස කටයුතු කර තිබීම හා වයස අවුරුදු 18ට වැඩිවීම මූලික සුදුසුකම වේ. අයැදුම්පත් භාරගන්නා අවසන් දිනය 2022.03.15 වේ. දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය පිළිබඳ සියලු තොරතුරු හා අයැදුම්පත www.dba.gov.lk වෙතින් ලබාගත හැකි අතර මාර්ගගත ක්‍රමයට ද (online) අයැදුම්පත් යොමු කිරීමේ පහසුකම සලසා ඇත. සුනන්ද කාරියප්පෙරුම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page