top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 14, 2022
  • 2 min read

ree

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම නාවික විධානයේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි.

ඒ අනුව, 2022 පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය වෙත පිවිසි නාවික හමුදාධිපති, එම ආයතනයට අයත් වෙඩිතලතිව් නාවික අණුකණ්ඩය සහ ඉරණමාතා හා නච්චිකුඩා II යන වෙරළ නීරීක්‍ෂණ මුරකුටීන් ‍නිරීක්‍ෂණයෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් තාල්පාඩු සහ ඕලුතුඩුවායි නාවික අණුකණ්ඩයන් මෙන්ම එම අණුකණ්ඩයන්ට අයත් වෙරළ නිරීක්‍ෂණ මුරකුටි නිරීක්‍ෂණය කිරීමද සිදුකෙරිණි. මෙම සංචාරයේදී, උතුරු මැද නාවික විධානයට අයත් මුහුදු හා වෙරළ ප්‍රදේශයන් ආශ්‍රිතව සිදු වන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් නාවික හමුදාධිපති, තාල්පාඩු නාවික අණුකණ්ඩයේදී උතුරු මැද නාවික විධනයට අයත් වෙරළබඩ මුරයාත්‍රාවන්හි මෙහෙයුම් සූදානම නිරීක්‍ෂණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන ලදී. එහිදි, වෙරළබඩ මුර යාත්‍රාවන්හී රාජකාරි සිදුකරනු ලබන නාවිකයින් ඇමතු නාවික හමුදාධිපති එම මුහුදු ප්‍රදේශය ඔස්සේ සිදු වන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඔවුන් ලබා දෙන දායකත්වය ඇගයීමටද කටයුතු කෙරිණි. අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ දී, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් ඇමතු නාවික හමුදාධිපති, පවත්නා කොවිඩි 19 වසංගත තත්වය හමුවේ වුවද, උතුරු මැද නාවික විධානය වෙත පැවරී ඇති මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස ඉටුකිරීමට ලබා දෙන්නා වූ දායකත්වය සම්බන්ධයෙන් විධානයේ සියළුම නාවික පුද්ගලයන් වෙත සිය ප්‍රසාදය පලකරන ලදී. එහිදි, වැඩි දුරටත් අදහස් දැක් වූ නාවික හමුදාධිපති, මුහුදු මාර්ග ඔස්සේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අනෙකුත් නීතී විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා කුමන අභියෝගයන් හමුවේ වුවද, උපරිම මෙහෙයුම් කාර්යක්‍ෂමතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද කටයුතු කරන ලදී. තවද, නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය කාර්යක්‍ෂමව ඉටුකිරීමට හැකිවන පරිදි සියළුම නාවික පුද්ගලයින් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසිලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ නාවික හමුදාධිපති, අංශ ක්‍රමය නිසිලෙස පවත්වාගනිමින් නාවිකයන්ගේ ගැටළු පිලිබඳ නිරන්තර අවධානය යොමු කිරීමට සියළුම අංශභාර නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙත විශාල වගකීමක් පැවරී ඇති බවත් එහිදී වැඩි දුරටත් අවධාරණය කෙරිණි. පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම නිල සංචාරය සඳහා, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා , නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න මහතා , උතුරු මැද නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා විධානයේ ආයතනයන්හී අණදෙන නිලධාරින් ඇතුළු එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් සීමිත පිරිසක් සහභාගිවී සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page