top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නිල සංචාරය අවසන් කරමින් බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී දිවයිනෙන් පිටත් වෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 24, 2022
  • 1 min read

ree

සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා (Admiral, M Shaheen Iqbal) නිල සංචාරය අවසන් කරමින් (2022 ජනවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදී.

බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, මෙම නිළ සංචාරයේදී, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට කටයුතු කළ අතර, එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා සහයෝගීතාවය මෙන්ම ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පවත්නා දිගු කාලීන මිත්‍රශීලි සබඳතාවය සම්බන්ධයෙන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී. තවද, මෙම නිල සංචාරයේ දී නැගෙනහිර හා දකුණු නාවික විධානයන්හී ආඥාපතිවරුන් හමුවීමට ද කටයුතු කළ බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨයේ ද සංචාරයක නිරත වී එහි පුහුණු වන නිලධාරීන් ඇමතීමට ද කටයුතු කරන ලදී. එමෙන්ම, මෙම නිල සංචාරය සඳහා බංගලාදේශ නාවික හමුදා ප්‍රධානීගේ භාර්යාව වන බංගලාදේශ නාවික හමුදා පවුල් සුභසාධක සංගමයේ සභාපතිනී, බෙගම් මොනිරා රෞව්ශාන් ඉක්බාල් මහතා (Mrs. Begum Monira Rowshan Iqbal) මහත්මිය ද සහභාගි වූ අතර, ඇය ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ආරාධනයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් සඳහා ද සහභාගි විය. මෙම නිල සංචාරය, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, මෙවැනි නිල සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර තවදුරටත් ශක්තිමත්ව ගොඩනැගෙන සහයෝගීත්වය සහ මිත්‍රශීලි සබඳතාවය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමටත්, ඉදිරියේ දී කළාපීය පොදු සමුද්‍රීය අභියෝග සාමුහිකව ජයග්‍රහණය කිරීම උදෙසාත් මහත් පිටුවහලක් ගෙනදෙනු ඇත.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page