top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිළි කිරීම...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 2 min read

ree

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිළි කිරීම

මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගතික සහ තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගි කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායිත්වය, ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් උචිත සංචිත කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීම රටින් රටට වෙනස් විය හැකි අතර, එය රටෙහි විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතී. මෙම පසුබිම තුළ, 2021 දෙසැම්බර් මස අවසන් වන විට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස් වීම සම්බන්ධයෙන් නොමග යවන සුළු සහ වැරදි අර්ථකථන ගෙන දෙන මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ඉහත දක්වා ඇති සංචිත කළමනාකරණ ක්‍රියාවලියේ සියලුම අංශ සලකා බලා, නිල සංචිත සංයුතියේ වෙනස්කම් සංචිත කළමනාකරණ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවලට අනුකූල වන බව පැහැදිලි කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ඇත්ත වශයෙන්ම, 2008 වසර අවසානය වන විට රටේ රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 92ක් (එ. ජ. ඩොලර් බිලියන 2.6ක දළ නිල සංචිතවලින් සියයට 3.6 ක්) පමණක් වූ නමුත්, 2014 වසර අවසානය වන විට, රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 893 (එ. ජ. ඩොලර් බිලියන 8.2 ක දළ නිල සංචිතවලින් සියයට 10.9ක්) දක්වා ක්‍රමයෙන් වැඩි විය. එබැවින්, විදේශ සංචිතයෙහි රන් වත්කම් කොටස, පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම පිළිබද මහ බැංකුවේ තීරණ පිළිබිඹු කරමින්, වරින් වර වෙනස් විය හැකි බව පැහැදිලි වේ. ඒ අනුව, සංචිත කළඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වන විට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 (එ.ජ.ඩොලර් බිලියන 3.1 ක දළ නිල සංචිතවලින් සියයට 5.6) දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරියේදී විදේශ සංචිත කළඹේ සංයුතියෙහි වෙනස් වීමක් අවශ්‍ය වන මට්ටමක් දක්වා වර්ධනය වන විට, එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page