top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සති දෙකක් යන තුරු පළාත් දෙකක් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවේ.

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 1, 2021
  • 2 min read

ree

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද සති දෙකක් යන තුරු පළාත් දෙකක් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවේ - ආසන ගණනට වඩා මඟීන් ප්‍රවාහනය කරන බස්රථ අත්අඩංගුවට ගෙන නැවත දැනුම්දෙන තුරු පොලීසිය සන්තකයට - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

පවතින නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර්(01) දිනයේ ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා සති දෙකක් යනතුරු ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා (30) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේය. තවමත් දැඩි අවදනාමක සිටින අවධියක යම් යම් සීමා වල සිට රට විවෘත කළ ද පළාත් අතර බස්රථ ධාවනයේ දී ආසන ගණනට වඩා මඟීන් ප්‍රවාහනය කරන බස්රථ අත්අඩංගුවට ගෙන නැවත දැනුම්දෙන තුරු එම බස්රථ පොලීසිය සන්තකයේ තබා ගන්නා ලෙස මෙම සති දෙකක කාල සීමාව තුළ දැඩිව පළාත් සීමා ආරක්ෂා කරන ලෙස ද, පොලිස්පතිවරයාට උපදෙස් ලබා ලබා දී ඇත. ඒ අනුව, අත්‍යවශ්‍ය කරුණකට හැර පළාත් මාර්ග බාධක හරහා කිසිවෙකු පෞද්ගලික ප්‍රවාහන ක්‍රම හෝ පොදු ප්‍රවාහන ක්‍රම වලින් ගමන් කිරීමට අවසර නොමැති බව ද මෙම ප්‍රතිපත්තිය අධිවේගී මාර්ග වලට ද ක්‍රියාත්මක බව ද කියා සිට ඒ මහතා, පළමුවෙනිදා සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කරන අතරම රාජ්‍ය සේවය සහ අත්‍යවශ්‍ය සේවා සහ පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව (29) දිනයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ප්‍රවාහන අංශයේ සියලුම නිළධාරීන් සහ රාජ්‍ය සේවා අංශයේ නිළධාරීන් මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිස සමඟ සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බව හෙතෙම ප්‍රකාශ කර සිටියේය ඒ අනුව, බස්රථ පළාත් අතර සංචරණයක් සිදු නොවන අතර දුම්රිය සේවා ද පළාත තුළ සති දෙකක් යනතුරු ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශ වලින් උපදෙස් ලබා දී ඇති බවත්, දුම්රිය වල ආසන ප්‍රමාණයට වඩා ප්‍රවාහනය කිරීම නිසා වෛරස ව්‍යාප්තියට ඉඩකඩ වැඩි වීම ඊට හේතුව වශයෙන් සෞඛ්‍ය අංශ වලින් සෞඛ්‍ය අංශ වලින් පෙන්වා දී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය. කෙසේ වුවද, පළාත තුළ ධාවනය වන ලංගම හා පෞද්ගලික බස්රථ සුපුරුදු පරිදි ධාවනය වන අතර දුම්රියෙන් වැඩි මඟින් ප්‍රමාණයක් ගමන් කරන පළාත්වලට වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමටත් පියවර ගනු ලබන ලැබේ. දුම්රිය ධාවනය සිදු නොකෙරෙන නිසා ලංගම සහ පෞද්ගලික බස්රථ යෙදවීම ප්‍රමාණවත් නොවන හෙයින් එමඟින් ජනතාවට මුහුණ දීමට සිදු වන අපහසුතාවයන්ට හා ඇතිවන තදබදය අවම මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා පළාත් අධිකාරී වලට අයත් බස්රථ ධාවනය වනවා මෙන්ම ජාතික ගමනාගමන කොමිසමට අයත් බස්රථ වලටත් පළාතේ සීමාව දක්වා ධවනයට අවසර ලබා දීමට තීන්දු කොට තිබේ. ඒ අනුව පොදු ප්‍රවාහනය කිරීමේ දී දැඩි ලෙස කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ද, ආසන ප්‍රමාණයට පමණක් මඟීන් ප්‍රවාහනය කළ යුතු බවත් කියා සිටි දිලුම් අමුණුගම මහතා සේවයට කැඳවිය යුත්තේ කවුරුන් ද යන්නත්, රාජකාරි වේලාවන් සඳහා සහන කාල සිමාවන් ලබා දීම යන කරුණු සම්බන්ධයෙනුත් තීරණය කිරීමටත් ආයතන ප්‍රධානීන්ට තවදුරටත් බලය ලබා දී තිබෙන බවත්, එමෙන්ම ආයතන වලට සේවකයින් ප්‍රවාහනය කිරීමට වෙනම කාර්යයාල ප්‍රවාහන සේවා අවශ්‍ය නම් ඊට ලංගම ඊට සුදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page