නාරා ආයතනයේ මුහුදු ආහාර පොළක්
- helloplanetaviss
- Jul 28, 2023
- 1 min read

ධීවර අමාත්‍යංශයට අයත් ජාතික ජලඡ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ උපදෙස් පරිදි සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මුහුදු පාසි මෙන්ම මත්ස්‍ය ආහාර ඇතුළත් භාණ්ඩ පොළක් (27 දා ) නාරා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම පොළ සදහා එළවළු, පළතුරු, මුහුදු පාසි වලින් නිෂ්පාදය කරන ලද භාණ්ඩ, කරවල, මුහුදු මසුන් ඇතුලු භාණ්ඩ විශාල ප්‍රමාණයක් එක්කර තිබු අතර සාගර විශ්ව විද්‍යාල සේවකයන් මෙන්ම ප්‍රදේශවාසින් බොහෝ පිරිසක් භාන්ඩ ලබා ගැනීම සදහා පැමිණ සිටියහ.
මෙම අවස්ථාවට නාරා ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය කමල් තේන්නකෝන් මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
Comments