නියමිත කාලය ඉක්මවා මෙරට රැඳී සිටින පුද්ගලයින්ගේ දඩය වැඩි කෙරේ
- helloplanetaviss
- Jun 22, 2023
- 1 min read

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අයකරන දඩය ඉහළ දමා තිබෙනවා. ඒ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව කිසියම් විදේශිකයෙකු නියමිත වීසා කාලයට වඩා දින 7 ක් ඉක්මවා ගතවී ඇත්නම් ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 250 ක දඩයක් පනවනු ඇති. අදාළ පුද්ගලයා මෙරට රැඳී සිටි කාලය දින 14 කටත් වඩා වැඩි නම් වීසා බලපත්‍ර ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500 ක දඩයක් පැනවීමටයි නියම කර ඇත්තේ.
Comments