නිපුණතා සපිරි අනාගතයක් උදෙසා 'නිපුණතා උදාන 2022' වයඹ පළාතෙන් ඇරඹේ...
- helloplanetaviss
- Jan 11, 2022
- 1 min read

ජාතික වැඩසටහනක් වන ‘නිපුණ උදාන 2022’ වැඩසටහනේ පළමු පියවර වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් ‘වයඹ උදානය’ නමින් ආරම්භ විය.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරයි. එහි සමාරම්භක අවස්ථාව ඊයේ (10) සාරගම පිහිටි දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. වයඹ පළාත තුළ විසිර සිටින අවිධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ තරුණියන් සහ වැඩිහිටියන්හට NVQ සුදුසුකම සහිතව රැකියාලාභින් කරවීම, එම පළාත තුළ පිහිටි තාක්ෂණ විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීම, වෘත්තීය පුහුණු ආයතනවලට නව සිසුන් බඳවා ගැනීම, නව පාඨමාලා ආරම්භ කිරීම වැනි තවත් බොහෝ වැඩසටහන් ‘වයඹ උදාන’ ජාතික වැඩසටහන තුළ ක්‍රියාත්මක කිරීම අරමුණු වේ. මෙම අවස්ථාවේ දී අමාත්‍යතුමිය විසින් ‘සිසු සවිය’ ශිෂ්‍යාධාර ප්‍රතිලාභීන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පුහුණු ආධුනිකයන් හට වෘත්තීය ඇඳුම් කට්ටල ලබා දීම සහ සාරගම දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ICT level 5 පාඨමාලාව වෙනුවෙන් පරිගණක ලබා දීමත් සිදු විය. උත්සව අවස්ථාවෙන් පසුව අමාත්‍යවරිය විසින් පාඨමාලා මූලික කරගනිමින් පවත්වන ප්‍රදර්ශනාත්මක වැඩසටහනේ නිරීක්ෂණයකද යෙදුණි.
Comments