නාගොඩ, යක්කලමුල්ල සහ නෙළුව නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි විවෘත කෙරේ...
- helloplanetaviss
- Jan 23, 2022
- 1 min read

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරී මේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ඉදිකරන ලද නාගොඩ, යක්කලමුල්ල සහ නෙළුව නව ප්‍රාදේශීයලේකම් කාර්යාල ගොඩනැගිලි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල්රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (21 ) විවෘත කෙරිණි.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකළ මෙමනව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි නවීන තාක්ෂණය සමඟ මහජනරාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීමට හැකියාව පවතී. "සෞභාග්‍යමත් ගාලු පුරයක්" යන තේමාව යටතේ ඉදිකරන ලද නව ප්‍රාදේශීයලේකම් කාර්යාල ගොඩනැගිලි තුන සඳහා රුපියල් මිලියන 196.6 වැයකර තිබේ. මෙම විවෘත කිරීම් අවස්ථාවන් සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලීගමගේ , වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් මෙන්මගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා , ස්වදේශ කටයුතු රාජ්‍යඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) එම්.එන් වන්නිනායක මහතා ඇතුලු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්විය.
Comments