ධම්මික පෙරේරා අද මැතිසබයට
- helloplanetaviss
- Jun 22, 2022
- 1 min read

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහායි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ධම්මික පෙරේරා තෝරා ගත් බවට මැතිවරණ කොමිසම ඉකුත්දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කලා.
මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ ඊයේ දිනයේදීයි.
Comments