top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාම අරමුණයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 10, 2023
  • 3 min read

ree


රට ගොඩනඟන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත යුතුයි- ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට තම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට - සැවොම එක මඟකට” මැයෙන් (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. වත්මන් ආර්ථික අභියෝග ජය ගනිමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට ධීවර අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගතයුතු බවත්, වසර 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට නම් සියලුදෙනා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ඉලක්කගත වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් වගකිවයුතු අමාත්‍යාංශයක් ලෙස ධීවර අමාත්‍යාංශයට ද විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා පසුගිය වසර පුරා ධීවර අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ධීවර ජනතාවගේ ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අප ක්‍රියාත්මක කළා. ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවින තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාම අරමුණයි. එසේම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන අතර ලෝක ධීවර දිනයට සමගාමීව සැම වසරකම විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව “දළ රළ සවිය” “රළ පෙළ දිනන දරුවෝ” වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර ධීවර ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් රක්ෂණ ක්‍රම, විශ්‍රම වැටුප, ධීවර පවුල්වල දරුවන් වෙනුවෙන් ඉතුරුම් ක්‍රම වැනි වැඩසටන් හඳුන්වා දී තිබෙනවා. මේ වන විට ධීවර අමාත්‍යාංශය මහජනතාව සමඟ සමීපව කටයුතු කරන අතර මෙතෙක් පැවති සාම්ප්‍රදායික කාර්යභාරයට වඩා පුළුල් වැඩ කොටසක් මහජනතාව වෙනුවෙන් අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සමඟ ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා. ධීවර පවුල්වල සාමාජිකයන් අතර ආකල්පයම වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ “දිරිය ධීවර අම්මා” වැඩසටහන සුවිශේෂී වැඩසටහනක් බව කිවයුතුයි. මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කරමින් මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම වෙනුවෙන් මෙහිදි පුළුල්ව සාකච්ඡා කෙරෙනවා. ධීවර කර්මාන්තයේ පසුඅස්වනු හානිය අවම කිරීම සඳහා පළමු වතාවට නව සිසිලන පද්ධතියකින් සමන්විත යාත්‍රාවක් නිර්මාණය කර දියඹට මුදාහැරීමට අප සමත් වුණා. පසුගිය කාලසීමාව තුළ මත්ස්‍ය මිල ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මත්ස්‍ය මිල ඉහළ යාමට දේශගුණික වෙනස්කම් ද බලපානු ලැබුවා. එසේම විවිධ ආගමික උත්සව නිසා ධීවරයන් කර්මාන්තයේ නිරත වුණේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ මත්ස්‍ය අස්වැන්න ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට ලැබුණේ නැහැ. ඒ වගේම ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, ඇතැම් නිලධාරීන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. 2048 දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කගත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් සියලුදෙනාම ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතුයි. රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් අප අමාත්‍යාංශය කැපවී කටයුතු කරනවා. කැබිනට් අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්දා මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මමත්, රටට සහ ධීවර ප්‍රජාවට ආදරය කරන නිලධාරීන් කණ්ඩායමත් ඉතා කැපවීමෙන් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා. වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම වෙනුවෙන් අමාත්‍යාංශයේ උපරිම දායකත්වය ලබාදෙන අතර ඉදිරියේ දී පැමිණෙන අභියෝගවලට ද මුහුණදිය හැකි අන්දමින් අමාත්‍යාංශය සූදානම් කර තිබෙනවා. එසේම බොහෝ නිලධාරීන් වගකීමෙන් කටුයුතු කරද්දී ඇතැම් නිලධාරීන් කකුලෙන් අදිනවා. රට ඉදිරියට ගෙන යාමේ රජයේ වැඩපිළිවෙළට සහාය නොදක්වන මෙම නිලධාරීන් පිළිබඳව තීන්දු ගත යුතුයි. එම තීන්දු නොගැනීමෙන් ධීවර ක්ෂේත්‍රය කඩාවැටීමකට ලක් විය හැකියි. එසේ කඩාවැටීමකට ලක් වුවහොත් මෙම ක්ෂේත්‍රය නඟාසිටුවීමට තවත් දීර්ඝ කාලයක් ගතවේවි.

 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page