top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“දරුවන් සමත් අසමත් ලෙස බෙදා වෙන්කරන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි ”- අමාත්‍ය ඩලස් අලහප්පෙරුම...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 23, 2022
  • 2 min read

ree

ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් සංවිධාන කළ ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක් ( 22) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි.

කොවිඩ් වසංගතය නිසා රට වසා තැබූ අවදියේ ගෙදරට වී සිටි ළමුන් ධෛර්යමත් කිරීමේ අරමුණින් චිත්‍ර, ඡායාරූප, කථනය සහ නවනිර්මාණ අංශ වලින් සමන්විතව ළමා තරගාවලිය සංවිධානය කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ටද එය විවෘත විය. අපේ දූ දරුවන් දක්ෂයි. ඒ නිසා ඒ දක්ෂතාවය විශ්වාස කළ යුතු කාලය එළඹ ඇතිබව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. “දරුවන් විශ්වාස කරන්න. ඔබේ දුවට පුතාට අසීමිත ශක්තියක් තියෙනවා. ඔවුන් ධෛර්ය සම්පන්න දරුවන්, ඔවුන්ට කල නොහැක්කක් නොමැත කියල හැම අම්ම තාත්ත කෙනකුම විශ්වාස කරන්න. මේ කාලයේ දරුවන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් විශාල සංවාදයක් තියෙනවා. අපයෝජනයක් සිදුවන්නේ ලිංගිකව විතරක් නෙවෙයි. එය ශාරීරිකව හා මානසිකවත් සිදුවෙනවා. වාර්තාවන අන්දමට ශාරීරිකව හා මානසිකව වැඩිම අපයෝජන සංඛ්‍යාවක් සිදුවන්නේ නිවස ඇතුලෙදි. ඒ නිසා විශ්වාස කිරීම තුල දරුවට ලැබෙන ශක්තිය වෙන කිසිවකින් ලැබෙන්නෙ නැහැ.” අමාත්‍යවරයා පැවසුවේය. දිළිඳු කම, අන්තවාදය, ත්‍රස්තවාදය ඇතිවීමට ප්‍රධානතම හේතුව නිසි අධ්‍යාපනයක් නොලැබීම බවත් 21 වන ශතවර්ෂයට ගැලපෙන අයුරින් අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කල යුතු කාලය පැමිණි බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ ලෙස භේද නොවී ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස පාර්ලිමේන්තුවේ සියලුම දෙනා එකතුවීමේ අවශ්‍යතාවයත් ඇමතිතුමන් පෙන්වා දුන්නේය. “දරුවා දක්ෂ මොකටද කියල හොයාගන්න තරම් අපේ අධ්‍යාපන ක්‍රමය නිර්මාණශීලි භාවයෙන් තොරයි. ගණිතය අසමත් වුනොත් සලකන්නේ ජීවිතයම අසමත් විදියට. හැබැයි ඒ දරුව ගණිතය අසමත් වුනාට සංගීතයට, චිත්‍ර අඳින්න, නව නිර්මාණ වලට දක්ෂ ඇති. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒක හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දරුවො සමත් අසමත් විදියට බෙදන මේ අධ්‍යාපන ක්‍රමයට නැවතීමක් තියන්න කාලය හරි. ඒ සඳහා නව විභාග ක්‍රමයක් ඇති කළ යුතුයි. එය කටපාඩම් මත පදනම් වූ විභාග ක්‍රමයක් නොවිය යුතු” යැයි වැඩිදුරටත් අමාත්‍යතුමන් පැවසුවේය. ලෝකයේ දියුණු කිසිම රටක් දරුවකු පිළිබඳ මාධ්‍ය වාර්තා කරණයේදී දරුවා සමාජයට අනාවරණය කරන්නේ නැහැ. දරුවකු පත්තර පිටුවක හෝ කැමරා කාචයකදී ද අපයෝජනය විය හැකියි. ඒ නිසා දරුවන් පිළිබඳ වාර්තා කරණයේදී සංවේදීව සැලකිළිමත් ලෙස වාර්තා කරන මෙන් මාධ්‍ය ආයතන වලින් අලහප්පෙරුම මහතා ඉල්ලීමක්ද කළේය. ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සභාපතිනි නීතිඥ චම්පිකා අමරසේකර මහත්මිය ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page