top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දරුවන් නැවත පාසල්වලට කැඳවීම උදෙසා වූ රජයේ න්‍යාය පත්‍රය අනුව ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 23, 2021
  • 1 min read

ree

පාසලක් වැසීම යනු සංස්කෘතියක නිමාවක් විමට හේතුවන බවත්, වසංගතයක් හමුවේ දීර්ඝ කාලයක් පාසල් විවෘත නොකිරීම නිසා එය එසේ සිදු වීමට ඉඩ නොතැබිය යුතු බව ද, දරුවන් නැවත පාසල්වලට කැඳවීම උදෙසා වූ රජයේ න්‍යාය පත්‍රය අනුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

ඒ අනුව, දැනටමත් ආණ්ඩුව ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන තිබෙන බවත්, මෙම සතියේ දී මෙරට අබාධ සහිත දූදරුවන්ට එන්නත් ලබා දීමට කටයුතු කරන බවත්, වයස අවුරුදු 15-19 ත් අතර වයස් ඛාණ්ඩයේ සිටින උසස් පෙළ, සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කරගත් ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, සඳහන් කළ ඩලස් අලහප්පෙරුම මහතා, මෙරට දූ දරුවන් නැවත පාසල් වලට යන දිනය ඉතාමත් කඩිනමින් ළඟා වෙනු ඇතැයි යන්න පිළිබඳව රජය ධනාත්මක සිතුවිල්ලක සිටින බව ද කියා සිටියේය. මේ වන විට සෞඛ්‍ය අංශ වල පෙන්වා ඇති දත්ත වලට අනුව, කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාත්මක පහළ බැසීමක් දක්නට ලැබෙන අතරම මරණ සංඛ්‍යාව ද පහත බැසීමක් දක්නට ලැබීම ක්‍රමක්‍රමයෙන් දක්නට ලැබෙන හෙයින් මෙරටින් වසංගත තත්ත්වය දුරුවෙමින් පවතින බව නොරහසක් බවත්, දැනට වසර එකහමාරකට වැඩි කලක් මෙරට අධ්‍යාපනය ලබන දරුවන් නිවෙස් වලට වී සිටීම සිදු වීම නිසා කොවිඩ් හේතුවෙන් බරපතලම හානිය වී ඇත්තේ මෙරට දරුවන්ට බවත්, රජයක් ලෙස මෙම තත්ත්වය තේරුම් ගෙන ඉහත වයස් ඛාණ්ඩ වල දරුවන්ට එන්නත් කඩිනමින් සිදු කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය. එමෙන්ම, මෙරට දරුවන්ගේ අධ්‍යාපනය කිසිලෙසක ඛණ්ඩනය නොවී පවත්වාගෙන යාමට දරුවන් වෙනුවෙන් රජය විසින් තවදුරටත් කැප වී කටයුතු කරන බවත්, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව වඩාත් සංවේදීව කටයුතු කරන ලෙස සියලු වෘත්තීය සමිති වලට ඉතාම ගෞරවයෙන්, කාරුණිකව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page