top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දරුවන්ට අහිමි ව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 1, 2021
  • 1 min read

ree

දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් පණිවිඩය

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම්පැතුම්වලට ළමා ලෝකයට ඇති සීමා බොහෝය. පාසල් පන්ති කාමරය, ක්‍රීඩා පිටිය තවමත් අපේ දරුවන්ට දුරස්ථය. දැයේ දරුවන්ට අහිමි ව ගිය ඒ සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී තිබේ. අපගේ සමස්ත සැලසුම් ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ලෝකය වඩාත් ඉක්මණින් ඔවුන්ට සමීප කර දීමටය. තම දරුවන් විශිෂ්ටයන් ලෙස සමාජගත වන විට තෘප්තිමත් වන්නේ දෙමව්පියන් සහ භාරකරුවන් ම පමණක් නොවේ. එම සතුට සමස්ත මානව සමාජයම අත්විඳිනු ඇත. එ බඳු අත්දැකීම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. අනාගතයේ ද එ බඳු දෑ නිර්මාණය වීම නතර නොවේ. එ බැවින් වැඩිහිටියන් වශයෙන් අපි, ගුණ නැණින් යුතු දරු පරපුරක් රටට ලෝකයට දායාද කිරීමට නම් දරුවා දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පූර්ණත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිමක් සලසා දිය යුතුමය. දෙමාපියන්ගේ සදාතනික සිතුවිල්ල වන “සියල්ලට පෙර දරුවන්” ය යන්න මෙවර ලෝක ළමා දින තේමාව බවට පත්ව තිබේ. ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා, පහසුකම් සහ අවස්ථා සලසා දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි යථාර්ථයක් බවට පත්කරමින් සිටින බව සිහිපත් කරමි. සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකිය. එ බැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි. ඒ ජීවිතය යනු ආපසු හැරවිය නොහැක්කක් බැවිනි. මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට අවස්ථාව නැතත් සියලුම දරුවන්ට තමන්ගේ නිවහනේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරමින් ඔබ සැමට සෞභාග්‍යවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි. ගෝඨාභය රාජපක්ෂ 2021 සැප්තැම්බර් මස 30 වන දින

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page