දකුණු කොරියානු කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණේයි....
- helloplanetaviss
- Jan 21, 2022
- 1 min read

සිව් දින නිල සංචාරයක් සදහා පසුගියදා (19) මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා අද (21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව දකුණු කොරියානු කථානායකවරයා මෙරටට පැමිණ තිබේ. දකුණු කොරියානු කථානායකවරයා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරි නරේන්ද්‍ර පුනාන්දු යන මහත්වරුන් විසින් දකුණු කොරියානු කථානායකවරයා ඇතුළු නියෝජිත පිරිස පිළිගනු ලැබීය. අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ දකුණු කොරියානු කථානායකවරයා අතර හමුවක් පැවැත්වුණි. ඉන්අනතුරුව දකුණු කොරියානු කථානායකවරයා සම්භාවනීය අමුත්තන්ගේ ගැලරියට පැමිණියේ ය.
Comments