දකුණු කොරියානු කථානායකවරයා අද පාර්ලිමේන්තුවට පැමිණෙයි...
- helloplanetaviss
- Jan 21, 2022
- 1 min read

සිව් දින නිල සංචාරයක් සදහා ඊයේ (19) මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා අද ( 21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වීමට නියමිතය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි දකුණු කොරියානු කථානායකවරයා අද (21) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර එහිදී කථානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරි නරේන්ද්‍ර පුනාන්දු යන මහත්වරුන් විසින් දකුණු කොරියානු කථානායකවරයා ඇතුළු නියෝජිත පිරිස පිළිගැනීමට නියමිතය. අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ දකුණු කොරියානු කථානායකවරයා අතර හමුව පැවැත්වේ. ඉන්අනතුරුව දකුණු කොරියානු ගරු කථානායකවරයා සම්භාවනීය අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්වීමට නියමිතය.
Comments