දෙස් - විදෙස් සෞඛ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීමටනිපුණතා සංවර්ධන අමාත්‍යාංශය නව පියවරක් තබයි....
- helloplanetaviss
- Feb 7, 2022
- 1 min read

දෙස් - විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කෙරෙන හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු අධ්‍යාපන ආයතනයේ (Institute Of Nursing & Health Care Studies – (INHCS) පාලක මණ්ඩලය හා උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම ගරු රාජ්‍ය අමාත්‍ය , විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
විදෙස් රටවල පවතින හෙද සේවයේ ඉල්ලුමට සරිලන යාවත්කාලීන වූ පාඨමාලා ආරම්භ කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිපුණ ශ්‍රමිකයින් විදේස් ගත කිරිමට අවස්ථා මෙමගින් හිමිවන අතර අන්තර්ජාතික පිළිගැනිමක් ඇති හෙද සේවයේ NVQ 6 උසස් ඩිප්ලෝමා සහතිකය මෙම ආයතනය හරහා ප්‍රදානය කිරිමට නියමිතය. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ආයතනයේ නව පුහුණු සංකීර්ණය මාලඹේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතය. තවද මෙරට පවතින පුද්ගලික අංශයේ රෝහල් සමග එක් වෙමින් පාඨමාලා අවසානයේදී රැකියාගත පුහුණු අවස්ථාද ලබාදීමට සැලසුම් කර තිබේ. මෙම අවස්ථාවේදි හෙද සහ සෞඛ්‍ය සත්කාර හා හෙද පුහුණු අධ්‍යාපන ආයතනයේ (INHCS) පාලක මණ්ඩලය සහ උපදේෂක මණ්ඩලය සමග ගරු රාජ්‍ය අමාත්‍යතුමිය ඉදිරි කාර්යයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ අතර විශේෂඥ වෛද්‍ය උපාලි බානගල මහතා, විශේෂඥ වෛද්‍ය හිරාන් අමරසේකර මහතා, විශේෂඥ වෛද්‍ය බවන්ත ගමගේ මහතා, මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි විය.
Comments