top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දේශීය ඖෂධ මංජුසාව ඉදිරි සතියේ දොරින් දොරට- පළමු මංජුසාව සිකුරාදා පිරිනමනවා

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 23, 2021
  • 1 min read

ree


කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දොරින් දොරට දේශීය ඖෂධ මංජුසාව බෙදාදීමේ වැඩසටහන ඉදිරි සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට බෙදාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවද, මෙහි පළමු මංජුසාව එමෙම සතියේ සිකුරාදා දින පිරිනැමීමට බලාපොරොත්තු වන බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ (22) රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ සම්බන්ධව සිදුකළ විමසීමකදී අදහස් දක්වමිනි. මේ වන විට ඒම වැඩසටහන සදහා රජය විසින් අවශ්‍ය කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන නිෂ්පාදන කටයුතු අරඹා ඇතැයිද, ප්‍රථමයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදන කටයුතු රාශියක් සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය. ඒම මංජුසාව තුළ විශේෂයෙන් ආයුර්වේදයේ අනුමත, ආයුර්වේද රෝහල් වල දැනට ක්‍රියාත්මක වන ප්‍රතිකාර සදහා භාවිතා කරන ගුඩුච්ඡාදී චූර්ණය, සුවධරණී ප්‍රතිශක්තිකරණ පානය සහ ප්‍රතිශක්තීකරණ කැද වර්ග සමන්විත වන බවද, ප්‍රථමයෙන්ම රෝග ව්‍යාප්තිය බහුලව සිදුවූ ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම මංජුසාව බෙදාදීමේ කටයුතු සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page