top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලය "ලක් සියනෑ මන්දිරයට"

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 28, 2023
  • 1 min read

ree

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ නව සේවා ස්ථානය විවෘත කිරීම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (27) පෙරවරුවේ 'ලක් සියනෑ' මන්දිරයේ 7 මහළේ දී සිදු කෙරිණි.

රටේ පවතින තත්ත්වය මත විශාල ඉලක්කයක් ඇති බවත් මෙම ඉලක්කය සපුරා ගැනීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ට හා රටේ බදු ගෙවනු ලබන පුරවැසියන් කරනු ලබන දායකත්වය ඉතා සුවිශාල බවත් මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා පැවසීය.

තවද, නිදහස් අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේව‍ය වැනි දේවල් ලබා දීමට මෙම බදු ගෙවන්නන්ගේ දායකත්වය ඉතා සුවිශේෂ හා ඉතා වැදගත් කටයුත්තක් බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේය .

මෙතෙක් රට තුළ පැවති කළමනාකරණයේ දුර්වලතාවයන් නිසා මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයන් මැඩලීමට 2023 වර්ෂයේ සිට රජයේ සේවකයන් විදියට වෙනස් විදියට අළුතින් සිතා කටයුතු නොකළහොත් නැවතත් ආර්ථික අර්බුදවල‍ට මුහුණු දීමට සිදු විය හැකි බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආදායම් උපයන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් රටේ ආර්ථිකයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි දායකත්වයක් සපයන බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා විවිධ ප්‍රශ්න හමුවේ රජයේ සේවකයන් වශයෙන් පහළ මට්ටමින් කාරණය සොයා විසඳුම් සෙවිය යුතු බවත් පැවසීය . එසේ නොකළහොත් රට ඉදිරියට ගෙන යා නොහැකි වනු ඇතැයි ද පෞද්ගලික අංශය හා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්වෙමින් වැඩ කල යුත්තේ කෙසේද යන්න සිතා බැලිය යුතු බව ද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයේ කොමසාරිස් එරන්ද චින්තක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන් හා සහකාර කොමසාරිස්වරුන් ද පළාත් ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්, තක්සේරු දෙපාර්තමේන්තු නිලධාරීන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ විශ්‍රාම ගිය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page