top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන්ට ගිලන් රථ 25 ක් හා කැබ් රථ 38 ක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 18, 2022
  • 1 min read

ree

මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළනැංවීම සදහා දිවයින පුරා රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සදහා නවීන ගිලන් රථ 25 ක් හා කැබ් රථ 38 ක් ලබාදීම (17) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙම ගිලන් රථ සහ කැබ් රථ සඳහා වන යතුරු හා ලිපි ගොනු භාරදීම සිදු වූ අතර අනතුරුව අදාළ වාහන ඒ ඒ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ලබා දෙනු ලැබීය. ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Devolopment Bank) සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) මුල්‍ය දායකත්වය යටතේ මෙම කැබ් රථ ලබාදීම සිදු විය. මෙම එක් කැබ් රථයක මිල රුපියල් ලක්ෂ 110 ක් පමණ වේ. මුදල් අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නවීන ගිලන් රථ 25 ක්ද අද සිට මෙරට සෞඛ්‍ය සේවාවට එක් කරනු ලබන අතර, එහි එක් ගිලන් රථයක මිල රුපියල් ලක්ෂ 150 ක් පමණ වේ. මෙම ගිලන් රථ දුෂ්කර ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල රෝහල් සදහා ලබාදෙනු ලැබීය. රටෙහි සෞඛ්‍ය පද්ධතිය ජනතාවට අතිශය වැදගත් වන බවත්, වත්මන් රජය එය ප්‍රමුඛ අවධානයට ගනිමින් කටයුතු කරනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය. විශේෂයෙන්ම කොවිඩ් පාලන ක්‍රියාවලියේ දී මෙරට සෞඛ්‍ය සේවාව විධිමත් අයුරින් පවත්වාගෙන යාම සදහා කුමන අපහසුතා මධ්‍යයේ වුව ද රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නනේය. ඉදිරියේ දී තවදුරටත් රටෙහි සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ඉහළම අයුරින් ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය . මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඇතුලු කණ්ඩායමක්ද එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page