top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 28, 2022
  • 1 min read

ree

පාකිස්ථානය සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා. ගාල්ලේ පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වූ 100 වන ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක් වුවා.


තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 378ක් රැස් කර ගනු ලැබු අතර දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා පිල කඩුලු 08ක් දැවී ලකුණු 360ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.


පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 231ක් රැස් කර ගත් අතර ලකුණු 506ක ඉලක්කයක් හඹා ගිය ඔවුන්ට දෙවන ඉනිමේදී ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 261ක් පමණයි.


පාකිස්ථාන දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රභාත් ජයසුරිය ලකුණු 117 කට කඩුලු 05ක් දවා ගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුලු 04ක් දවා ගනු ලැබුවා.


ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් වුවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page