top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දීර්ඝ නිවාඩුවේ දී ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේදී ප්‍රවේශම් වෙන්න....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 1 min read

ree

ඉදිරියේදී එළඹෙන දීර්ඝ නිවාඩුවේ දී ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේ දී ප්‍රවේශම් වන ලෙසත්, සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ , රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (31) අදහස් දක්වමිනි. රටේම ජනතාව මෙවැනි දීර්ඝ නිවාඩු වලදී ගමන් යාමට පෙළඹෙන බැවින් හැකි තරම් නිස්කලංක තැනකට යාමටත්, අවධානමකට ලක්වීමෙන් වැළකීම සඳහා හැකිනම් ගමන් නොගිහින් සිටීමට උත්සාහ කරන ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙරට මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාගෙන සිටියද, තවමත් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක් පමණ පිරිසක් පමණක් බැවින් ඉතිරි මිලියන 10 එන්නත ලබාගැනීමට සිටින බවද ඔහු අවධාරණය කළේය. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදනයට එරෙහිව නිපදවන බූස්ටර් එන්නත පිළිබදව ලොව පුරා බොහෝ කරුණු සාකච්ඡා වන බවද, මෙරට සෞඛ්‍ය අංශද ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන බවත් පැහැදිලි තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page