top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දුම්රියෙන් තෙල් ප්‍රවාහනය 38% සිට 60% දක්වා වැඩිකිරීමට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 29, 2021
  • 2 min read

ree

දුම්රියෙන් තෙල් ප්‍රවාහනය 38% සිට 60% දක්වා වැඩිකිරීමට පියවර

ඛණිජතෙල් සංස්ථාව විසින් දිවයිනපුරා ඛණිජතෙල් බෙදාහැරීම දැනට වැඩි වශයෙන් බවුසර් යොදා ගනිමින් මාහාමාර්ග ඔස්සේ සිදුකෙරේ. මේ හේතුව නිසා විශාල වශයෙන් මාර්ගවල තදබදයත්,පරිසර දූෂණය හා අනතුරු වැඩිප්‍රමාණයක් සිදුවන බවත් සමීක්ෂණ වලින් හෙළිවී ඇත. මෙම හේතූන් පිළිබඳ සමාලෝචනයක් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යංශය එක්ව ගනුලැබූ තීරනයකට අනුව දැනට 38% ක් වන දුම්රිය මඟින් ඛණිජතෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු 60% දක්වා වැඩිකිරීමට තීරණය කර ඇත. මේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් (29) දින පෙරවරුවේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී ගනුලැබූ තීරණ අනුව දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අළුත්වැඩිකිරීම ,නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව තීරණය කරන ලදී. මෙහිදී හෙලිවුනු කරුණු අනුව අවම වශයෙන් එක් දුම්රිය එන්ජිමක් මඟින් ලීටර 50000 ටැංකි 14ක් තෙල් ප්‍රවාහනයට යොදාගැනෙන බවත්,ඒ තුලින් ලීටර් ලක්ෂ 7ක් එකවරකට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඒ තුලින් මාර්ගයේ ධාවනයට යොදාගන්නා බවුසර් 20 ක පමණ ප්‍රමාණයක් නවතා ලීමට හැකියාව ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී. එමෙන්ම මෙම වැඩ පිළිවෙල මගින් තෙල් ප්‍රවාහනය සඳහා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට වැයවන පිරිවැය ප්‍රමාණය අඩුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් තත්වය වැඩිකරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් හෙළිවිය. මෙහිදී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාවන්නිආරච්චි මහත්මිය අවධාරණය කරමින් කියාසිටියේ දැනට දුම්රිය, සේවාවක් ලෙස මගී ප්‍රවාහනය සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, රජයේ ඉලක්කය වී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය වැඩි දියුණු කිරීම තුලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහල නැංවිය හැකි බවයි.ඒ අනුව දැනට සිදුකෙරෙණ 1% වන දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු 5% දක්වා වැඩි කිරීමට සැළසුම් කිරීමට හැකි බවත්ය. ඉන්ධන ප්‍රවාහනය සිදුකිරීම එහි එක් පියවරක් ලෙස සඳහන් කිරීමට හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග ,බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩී රෝස්මරි ඔල්ගා මහත්මිය දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර,ඛණිජතෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්ම මහත්මීන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page