දින තුනක් තුළ නෙළුම් කුළුණට මිලියන 07ක ආදායමක්
- helloplanetaviss
- Sep 19, 2022
- 1 min read

ඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ මෙතෙක් කල් නෙළුම් කුළුණ විවෘත නොකර තැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි. ඔක්තෝම්බර් 1 වනදා සිට උදෑසන 9 ත් දහවල් 2 ත් දක්වා කාලය තුළ නෙළුම් කුළුන පාසල් ළමුන් සදහා විවෘත වනවා. ඒ අනුව පාසල් මගින් යම් ඉල්ලීමක් කළහොත් ඒ සදහා අවස්ථාව ලබා දිය හැකි බවයි නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ. ඉකුත් සෙනසුරාදා දිනයේ දී පමණක් නෙළුම් කුළුණ නැරඹීමට පුද්ගලයින් 7,200කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා. ඉකුත් 15, 16 සහ 17 යන දින තුනක කාලය තුළ පුද්ගලයින් 14,000ක් පමණ එය නැරඹීමට පැමිණ ඇති බවයි නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ වැඩිදුරටත් සදහන් කළේ.
Comments