top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

දෙගුණයකටත් වඩා වැඩියෙන් අද සිට ජල ගාස්තු ඉහළට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 1, 2022
  • 2 min read

ree

පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, කාණ්ඩ 12 ක් යටතේයි. ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහල නංවමින් විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉකුත් අගෝස්තු 25 වනදා දිනැතිව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.


ඒ අනුව, ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත්, පහත් අතර රුපියල් 12ක්ව පැවති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව ඉහල නංවා ඇත්තේ රුපියල් 20ක් දක්වායි. ඊට රුපියල් 300 ක සේවා ගාස්තුවක්ද ඇතුලත්. රුපියල් 16ක්ව පැවති 06ත් 10ත් අතර ඒකකයකට අද සිට අය කෙරෙන්නේ රුපියල් 27ක්.


ඒකක 11 සිට 15 දක්වා රුපියල් 20 ක්ව පැවති ඒකකයේ නව මිල රුපියල් 34ක් වනවා. රුපියල් 40ක්ව පැවති 16ත් 20ත් අතර ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 68ක් දක්වා ඉහල දමා තිබෙනවා. 21 සිට 25 දක්වා ඒකකයක් සඳහා අද සිට රුපියල් 99ක් අය කරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ. එම සියලු කාණ්ඩ සඳහා රුපියල් 300 ක මාසික සේවා ගාස්තුවක් ද ඇතුලත්.


රුපියල් 150ක් දක්වා ඉහල දමා ඇත්තේ රුපියල් 88ක්ව පැවති 26ත් 30ත් අතර ඒකක සඳහායි. එහි නව සේවා ගාස්තුව රුපියල් 900 ක්. ඒකක 31 ත් 40 ත් අතර එක් ඒකකයක ජල ගාස්තුව රුපියල් 179 ක් දක්වා ඉහළ යන අතර ඊට ද රුපියල් 900 ක මාසික සේවා ගාස්තුවක් ඇතුලත්.


ඒකක 41 ත්, 50 ත් අතර ඒකකයක නව ජල ගාස්තුව රුපියල් 204 ක් වන අතර 51 සිට ඒකක 75 දක්වා නව ජල ගාස්තුව රුපියල් 221 ක්. එම කාණ්ඩල දෙකටම රුපියල් 2,400 ක මාසික සේවා ගාස්තුවක් ද ඇතුලත් වනවා. 75 ට වැඩි ඒකක සඳහා එක් ඒකකයක පරිහරණ ගාස්තුව රුපියල් 238 ක් වන අතර ඊට රුපියල් 3,500 ක මාසික සේවා ගාස්තුවක්ද ඇතුලත් වනවා.


ගෘහස්ථ කාණ්ඩයට අමතව සමෘද්ධි සහ වතු නිවාස, පොදු ජල කරාම, පාසැල් සහ ආගමික ස්ථාන, රජයේ ආයතන හා සුළු හා මධ්‍ය පරිමාණ නොවන කර්මාන්ත සඳහා වන ජල ගාස්තුව ද ඉහළ නංවා තිබෙනවා. මීට අමතරව රජයේ රෝහල්, සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, වාණිජ ආයතන, වරාය සහ නාවික, ආයෝජන කළාපවල ජල ගාස්තු ද අද සිට ඉහළ යනු ඇති.


පාරිභෝගිකයින් විසින් දින 14 ක් ඇතුලත බිල්පත ගෙවිය යුතු අතර මාසයක් ඇතුලත ජල බිල්පත නොගෙව්වහොත් බිල්පත නිකුත් කළ දිනයේ සිට හිඟ ශේෂය සඳහා මසකට සියයට 2 යි දශම 5 ක අමතර ගාස්තුවක් අය කිරීමට නියමිතයි. දින 30 කට වඩා වැඩි කාලයක් හිඟ බිල්පත් නොගෙවන්නේ නම් ජල සබඳතාව විසන්ධි කරනු ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page