top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

තරුණතරුණියන් 2500ක් සඳහා ආදර්ශ කෘෂි ගම්මාන 25ක්- වැය කරන මුදල මිලියන 600ක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 7, 2022
  • 1 min read

ree

තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිතය. මෙම එක් එක් ගම්මානයට ඒ ඒ දිස්ත්‍රික්කයේ තරුණතරුණියන් සියයක් බැගින් බඳවා ගැනීමට ද අපේක්ෂිතය. මේ සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 600ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. මේ අතර ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව පවුල් සියයට වඩා පදිංචි ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගෙන කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන තුළ ස්ථාපිත කිරිමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. සත්ව පාලනය, බෝග වගාව, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා මෙම ගම්මානවල ජනතාවට ආධාර ලබා දීමට නියමිතය. මේ සඳහා 2022 වර්ෂයේ වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1400කි. මේ අතර මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට ⁣කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරනුයේ 15%ක් බවද මෙම රැස්වීමේදී අනාවරණය විය. මෙම ප්‍රමාණය 25%ක් දක්වා 2022 වර්ෂය තුළ වැඩි කර ගැනීම සඳහා පියවරගෙන තිබේ. එමෙන්ම අතිරේක බෝග බීජ නිෂ්පාදනය 18% සිට 30% දක්වා ද බීජ අල නිෂ්පාදනය 40% සිට 80% දක්වා වැඩි කර ගැනීමට ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. 2022 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර දී ඇති මුදල් යොදවා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා සමඟ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් ද සම්බන්ධ වී සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page