top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

තරුණ තරුණියන්ට ජපාන රැකියා ලබා ගන්න විශේෂ වෙබ් අඩවියක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 19, 2022
  • 1 min read

ree

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහා වන වෙබ් අඩවියක් එළි දැක්වීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව කටයුතු යොදා තිබෙනවා.


එම වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ශ්‍රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිදෙකි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.


විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රි ලංකාවට ලබාගැනීම මෑතදී සිදුවිය.


ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙන අතර, එම විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් හා තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගැනීමට හැකියාව ලැබේ.


විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ වසර 5ක කාලයකට රැකියා සඳහා අවසර හිමිවේ. ඒ අනුව ආරම්භක පියවර යටතේ, ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකිවේ. ඒ අනුව සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු, අයදුම්පත හා උපදෙස් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.


කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස, SSW ජපන් (SSW Japan) මෙනුවට පිවිසීම මගින් ජපන් රැකියා තොරතුරු ලබාගැනීමට හැකිවේ.

ජපානයේ සාත්තු සේවා හා ආහාර පිළිගැන්වීමේ සේවා රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JFT) සමත්වීම අනිවාර්ය වන අතර, කුසලතා පරික්ෂණයද සමත්වීම අවශ්‍ය වේ. මේ සම්බන්ධ සියළුම තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page