top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

තේ වගාවේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි - අමාත්‍ය රමේෂ් පතිරණ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 12, 2022
  • 2 min read

ree

පවත්නා අභියෝග හමුවේ තේ කර්මාන්තයේ දියුණුවට සමෝධානික පෝෂණ කළමනාකරණ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සිය අමාත්‍යංශය සූදානම්ව සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, ඊයේ (10) වැවිලි අමාත්‍යංශයීය උප‍දේශක කාරක සභාව අමතමින් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා හුදෙක් රසායනික පොහොර පමණක් නොව, සෙවණ, ජලය, පාංශු සාධක ද අතිශය වැදගත් බව පෙන්වා දෙමිනි. අමාත්‍යවරයා මෙහිදී රසායනික පොහොර හිඟයක් රට තුළ පැවතියද 2020 වසරට සාපේක්ෂව 2021 දී සමස්ත තේ නිෂ්පාදනයේ මිලියන 21 ක වැඩිවීමක් නිරීක්ෂිත බව මෙහිදී අවධාරණය කළේ, රසායනික පොහොර හිඟවීම නිසා මාතර ඇතුළු ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් රැසක් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ මහතා පෙන්වා දුන් අවස්ථාවේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා රසායනික පොහොර මිල ඉහළ යාමත් සමඟ රජය විසින් අවම වශයෙන් නිසි ලෙස තේ වතු සඳහා කාබනික පොහොර යෙදවීමට නිසි ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ නම් යෝග්‍ය බව කාරක සභාවේ අවධානයට ලක්කළ අතර, වැවිලි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, තේ වගාව සඳහා රජය විසින් වෙන්කළ ඇතැම් රසායනික පොහොර වෙනත් ප්‍රදේශවලදී අධිමිලකට අලෙවි වූ බවයි. එමෙන්ම, වර්තමාන ලෝක තත්ත්වයන් යටතේ ගෝලීය තත්ත්වයන් තුළ රසායනික පොහොර මිල සීඝ්‍රයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සමෝධායන කළමනාකරන වැඩසටහන මඟින් තේ වතු සඳහා ජල සැපයුම සපයා ගැනීමට 50%ක පිරිවැයක් රජය විසින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය . මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා විමසා සිටියේ , වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය සම්බන්ධයෙනි. මෙය දැනට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක් බැවින් සිය අදහස් දැක්වීමෙන් වැළැකී සිටියද තමන්ට අනුව මෙම තත්ත්වය නිරාකරණයට සාමූහික සේවක -සේව්‍ය එකඟතාවයක් පැවැතිය යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේය. එසේම, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, වැවිලි කර්මාන්තයේ උපරිම දියුණුව සඳහා කටයුතු කරන සිය අමාත්‍යංශයේ අක්‍රමිකතාවක් වේ නම් එය මැඩලීමට උපරිම උත්සාහයක් ගන්නා බවත්, අකටයුතුකම් කරන කිසිවකු හෝ ආරක්ෂා කිරීමට තමන්ගේ සූදානමක් නොමැති බවත් ය. මෙහිදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලීමකට අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් පැළ තවාන් ව්‍යාපෘතියක්ද , පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ යෝජනාවකට අනුව පොල්තෙල් සිඳීමේ යන්ත්‍ර සහ පොල්ලෙලි කැබලි කිරීමේ යන්ත්‍ර බෙදාදීමේ ව්‍යාපෘතියක්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව, මාතර, නිල්වලා ප්‍රදේශයේ වසර තිහකට වැඩි කාලයක් පුරන් වූ කුඹුරු යායක පොල් වගා කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටද මෙම වැවිලි අමාත්‍යංශයීය උප‍දේශක කාරක සභාවේදී අනුමැතිය පළවිණි. වැවිලි අමාත්‍ය,ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභාවට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, එස්. ශ්‍රීධරන්, පලනි දිගම්බරන්, එම්. රාමේශ්වරන්, සම්පත් අතුකෝරාළ ,වීරසුමන වීරසිංහ, අමරකීර්ති අතුකෝරාළ යන මහත්වරුන් ද සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page