top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

තෙල් ටැංකි සංවර්ධානයට ගිවිසුම් අත්සන් කෙරේ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 2 min read

ree

ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ මේ දක්වා පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවිය.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යයි. 01. ලංකා ඛනිජ තෙල් සංස්ථාව - ටැංකි 24යි. 02. ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම - ටැංකි 61යි. (ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වේ. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි) 03. ඉන්දියානු ලංකා තෙල් සමාගම - ටැංකි 14යි. ඒ අනුව මෙම ටැංකි 99න් 85කම (24+61=85) පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරුන් මෙම ගිවිසුම් වලට අත්සන් තැබුහ. ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලදී. අක්කර 827 ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත විය. දෙවන ලෝක යුධ සමයේ 1942 අප්‍රේල් මස 9 වනදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයක් නිසා මේ එක් ටැංකියක් විනාශ විය. 1987 ජුලි 29 වන දින ඉන්දියානු අගමැති හා ලංකාවේ ජනාධිපති අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට එකඟ විය. 2003 වසරේ පෙබරවාරි 07 දින අත්සන් කළ ගිවිසුමක් මත 35 වසරකට බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබීය. නමුත් ලංකා ඉන්දියානු තෙල් සමාගම එහි භාවිතයට ගනු ලැබුයේ ටැංකි 14 පමණක් වන අතර ඉතිරි ටැංකි කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් පැවතිනි. 2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබා දීමට මලික් - සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති ආණ්ඩුව එකඟ විය. මාස 16ක් පුරා ඉන්දියාව සමඟ පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් කිරීමෙන් අපට වඩාත් වාසිදායක එකඟතාවයක් ඇති කර ගැනීමට හැකිවිය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page