top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 2 min read

ree

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 28 වැනි සිකුරාදා දින කොළඹ දී තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය මෙව්ලුට් චවුෂෝලු මහතා සමඟ පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවත්නා ‘උණුසුම්, සුහදශීලී සහ අන්‍යෝන්‍ය සහයෝගිතාවයෙන් යුත් හවුල්කාරිත්වය’ පිළිබඳව අවධාරණය කළේ ය.

මෙහිදී “Asia New Initiative” රාමුව තුළ ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් පැවැත්වීම සඳහා තුර්කිය පළ කළ කැමැත්ත අමාත්‍ය පීරිස් මහතාගේ අවධානයට යොමු විය. ‘මිත්‍රශීලී මෙන්ම වටිනා හවුල්කරුවෙකු’ වන ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීමේ දී තුර්කිය විසින් ඒ සඳහා ලබා දී ඇති වැදගත්කම තුර්කි විදේශ අමාත්‍ය චවුෂෝලු මැතිතුමා විසින් අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තුර්කිය දරන ප්‍රතිපත්තිමය ස්ථාවරය මෙන්ම, කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල දී විදහා දැක්වූ සහයෝගීතාව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොට්ඨාශවල සහ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන අතරතුර සියල්ල ඇතුළත් විශ්වාසනීය, දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ සංහිඳියාව පිළිබඳ අවශේෂ ගැටලු විසඳීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේ ය. තවද, දෙරට අතර පවත්නා දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව ද විදේශ අමාත්‍යවරු දෙපළ සාකච්ඡා පැවැත්වූ හ. ආර්ථික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරු දෙපළ, 2021 ජූනි මාසයේ දී පවත්වන ලද ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා-තුර්කි ඒකාබද්ධ කමිටුවේ (JCETC) දෙවැනි සැසිවාරය අතරතුර දී හඳුනාගත් පරිදි, වෙළඳාම තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ අවශ්‍යතාව සහ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක වෙළඳ පරිමාවේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ස්ථාවරව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද හඳුනාගත් හ. ආයෝජන අවස්ථා සහ ව්‍යාපාරාන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීම, සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ සහයෝගිතාවයේ නව ක්ෂේත්‍ර යනාදිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පවත්වන ලදී. වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව සහ යුරෝපීය ගමනාන්ත අතර පවත්නා සබඳතා ඉහළ නැංවීම සඳහා තුර්කි ගුවන් සේවය ඉටු කරන කාර්යභාරය අමාත්‍ය පීරිස් මැතිතුමාගේ ඇගයීමට ලක් විය. දේශසීමා අතර වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම අරමුණු කරගත් වැදගත් පියවරක් වශයෙන්, මෙම සංචාරය අතරතුර දී අමාත්‍යවරු දෙපළ ද්විත්ත්ව බදුකරණය වැළැක්වීම (DTAA) පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබූහ. ආරක්‍ෂාව සහ ත්‍රස්‌ත මර්දන සහයෝගිතාව ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අනෙකුත් අංශ පිළිබඳව සාකච්ඡා පැවැත්වූ අමාත්‍යවරු දෙපළ, ඉදිරියේ දී ඉහළ පෙළේ සංචාර හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද සිය අපේක්ෂා පළ කළහ. කොවිඩ්-19 වසංගතය මගින් එල්ල වූ බලපෑම අවම කිරීම සඳහා 2021 වසරේ දී තුර්කි සහයෝගිතා සහ සම්බන්ධීකරණ නියෝජිතායතනය (TIKA) හරහා වෛද්‍ය ආධාර ලබා දීම මෙන්ම, 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය හමුවේ මානුෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම හරහා තුර්කි රජය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ද අමාත්‍ය පීරිස් මැතිතුමා තුර්කි රජය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාව පළ කළේ ය. කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම ද්විපාර්ශ්වික හමුවට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දමෙත් සෙකර්ජියෝලු මැතිනිය සහ තුර්කි විදේශ අමාත්‍යවරයාගේ උපදේශකයන් පිරිසක් ද විදේශ අමාත්‍ය චවුෂෝලු මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ. තුර්කි විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද හමුවිය. 2016 වසරේ ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වූ විදේශ අමාත්‍ය චවුෂෝලු මැතිතුමා ශ්‍රී ලංකාවට සපැමිණි දෙවැනි අවස්ථාව මෙය යි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page